නිමල කොඩිතුවක්කු

දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය මැයි මස අග වන තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අන්තර් මෝසමත් සමග සුළං ප්‍රවාහයේ දුර්වල වීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.

දිවයිනේ බොහෝ පළාත්වල තද උණුසුම් තත්ත්වයක් පවතින බවත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.