ලිහිණි ලියනගේ
පවතින ආර්ථික අර්බුදය හා දැරිය නොහැකි බදු බර හේතුවෙන් 2022 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය ඇතුළත ලංකා විදුලි බල මණ්ඩලයට අනුයුක්තව සේවය කරන ඉංජිනේරුවන්ගෙන් 159ක් විදේශගත වී ඇති බව ඉකුත් මාර්තු 15 වැනිදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළේය.
විදෙස් ගත වූ ඉංජිනේරුවන්ගෙන් 105ක් සේවයෙන් ඉවත් වීමෙනුත් 54ක් නිල වශයෙන් නිවාඩු අයැදුම් කිරීමෙනුත් විදෙස් ගත වී ඇති බව ද එම සංගමයේ ප්‍රකාශකයෝ එහිදී පැවසූහ.
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවයට ඉංජිනේරුවන් 1000ක් අවශ්‍ය වුවත් දැනට සේවයේ නියුතුව සිටින්නේ ඉංජිනේරුවන් 744ක් පමණක් බව කී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා, 2022 සිට මේ දක්වා පවතින ඉංජිනේරු හිඟයට පිළියම් ලෙස නව බඳවා ගැනීම් කිසිවක් මේ වෙන තෙක් සිදුකර නොමැති හෙයින් දැනට සේවයේ නියුතු ඉංජිනේරුවන් දිනකට පැය 10ක් හෝ 12ක් කිසිදු අමතර ගෙවීමක් නොමැතිව සේවය කරන බවද සඳහන් කළේය. ඉංජිනේරු හිඟය නිසා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බවත්, ඒ සඳහා පමණක් කොන්ත්‍රාත් පදනම මත ඉංජිනේරුවන් 15ක් පමණක් බඳවා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලය කියයි.
මෙසේ සේවයෙන් ඉවත් වී ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ පළපුරුදු හා ඉතාමත් සංකීර්ණ රාජකාරි කටයුතුවල නිරතව සිටි ඉන්ජිනේරුවන් බව මේ වෙන විට හඳුනාගෙන ඇතැයි ද නව බඳවා ගැනීම් සිදු කළත් එම ඉංජිනේරුවන් පුහුණු කිරීමට යම් කාලයක් ගතවන බැවින් ඉදිරියේ දී විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට බාධා පැමිණිය හැකි බවද ඔවුහු පැවසූහ. නිවාඩු අයැදුම්කර විදෙස් ගත වූ ඉංජිනේරුවන්ගෙන් 20ක් පමණ මේ වන විට සේවයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපි භාර දී ඇති බවත්, මෙසේ නිවාඩු අයැදුම් කර විදෙස් ගත වන්නේ නැවත සේවයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් නොවන බවත් එම සංගමය කියයි. මීට අමතරව දැනට ඉතිරිව සිටින ඉංජිනේරුවන්ගෙන් 50ක් පමණ වීසා අයැදුම් කර ඇති අතර ඔවුන් ද තව මාස කිහිපයකින් සේවයෙන් ඉවත් වීමට අපේක්ෂාවෙන් සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය තවදුරත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විදුලි ඉංජිනේරුවරුන් 159 ක් වසර දෙකකදී රට හැර ගිහින්