උපුල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඒකපුද්ගල දළ දේශීය ආදායම වාර්තා කරමින් වසර 2025 දී එක් පුද්ගලයකු විසින් උපයන ලද (දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස) ආදායම ඇමෙරිකානු ඩොලර් 5003 ක් ලෙස වාර්තා වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම අගය 2024 දී ඩොලර් 4546 ක් වශයෙන් සටහන් වූ බවත් ඒ අනුව 2025 වසරේ දී එය ඩොලර් 457 කින් වැඩි වී ඇති බවත් ඉකුත්දා මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කරනු ලැබූ 2025 වාර්ෂික ආර්ථික විවරණය නමැති වාර්තාවේ දැක්වේ.

ආර්ථික වර්ධනය ඉහළ යෑම, ඩොලරයේ රුපියල් අගය අඩුවීම සහ ජනගහන වර්ධන වේගය අඩු අගයක පැවතීම යන හේතු ඒකපුද්ගල ආදායම ඉහළ යෑමට හේතු වන බව ආර්ථික විශේෂඥයෝ පවසති.