(නිශාන්ත කුමාර බණ්ඩාර)
මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය හෝ ලේකම්ධුරය නැගෙනහිර පළාතට ලබාදෙන තුරු එහි නායකත්වයට බලපෑම් කරන බව නැගෙනහිර පළාත් මුස්ලිම් කොංග්‍රස් ප්‍රකාශකයකු කීය.
දැනටමත් මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වයට බලපෑම් එල්ල කිරීම සඳහා මුස්ලිම් කොංග්‍රසයේ ආරම්භක සාමාජිකයන් කිහිප දෙනකුම ඒකාබද්ධවී කටයුතු කරන බවද ඔහු පැවසීය.
මුස්ලිම් කොංග්‍රස් නිර්මාතෘ හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. අෂ්රොෆ් මහතාගේ ක්‍රියාකලාපයට සම්පූර්ණයෙන් විරුද්ධව වත්මන් නායකත්වය ක්‍රියා කරන බවද ඔහු චෝදනා කළේය. මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය දරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද පදනමක් නැති අතර එහි නායකත්වය හෝ මහලේකම් ධුරය නැගෙනහිර පළාතට ලබාදිය යුතු බව නැගෙනහිර පළාතේ මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ ප්‍රබලයෝ කිහිප දෙනකු පැවසූහ. මුස්ලිම් කොංග්‍රසය බිඳදැමීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවත් ඊට අභියෝගයක් ලෙස ‘නැගෙනහිර උදානය’ සංවිධානය බිහිකළ බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුස්ලිම් කොංග්‍රස් නායකත්වය නැගෙනහිර පළාතට ඉල්ලති