සුජිත් හේවාජුලිගේ
පක්ෂවලට සම්බන්ධ කර ගැනීම (පිල් මාරුවීම්) සඳහාත් අපේක්ෂකයන්ට සහාය ලබාගැනීම සඳහාත් රුපියල් කෝටි ගණනක මුදල් සහ වෙනත් වටිනා ත්‍යාග ලන්සු මේ දිනවල ඉදිරිපත් වෙමින් පවතින බව දේශපාලන පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ඉදිරි දිනවල පිල් මාරු කිරීමට නියමිත බව බුද්ධි අංශ වාර්තාවලින් රජයට කරැණු වාර්තාවී ඇත. මින් වැඩි පිරිසක් ආණ්ඩු පක්ෂයේ (පොහොට්ටු) මන්ත්‍රීවරු වෙති.
තමන්ට සහාය ලබා දෙන්නේ නම් මුදල් සහ ඉඩකඩම්, සුපිරි වාහන ත්‍යාගයන්ට අමතරව පවුල්වල ඥාතීන්ට දෙස් විදෙස් රැකියා ලබාදීම, දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම වැනි වාසි අත්කර දීමටද අපේක්ෂකයන් පොරොන්දු වී සිටින බව වාර්තා වේ.
මේ අතර සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ නිවෙසට පැමිණ ඇති ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකු තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහය දෙන ලෙස පසුගියදා ඉල්ලීමක් කර ඇත.
මින් එක් අපේක්ෂකයකු ඇය වෙනුවෙන් රුපියල් කෝටි දහයක ලන්සුවක්ද ඉදිරිපත් කර තිබිණැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් ඩයනා ගමගේ මහත්මිය එම ඉල්ලීම ඒ මොහොතේම ප්‍රතික්ෂේප කර තිබිණ.
මෙයට අමතරව කුරුණෑගල, මාතර සහ ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද එම ජනාධිපති අපේක්ෂකයන් විවිධ ලන්සු ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
පක්ෂ පිල් මාරුවීම් සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීහු කණ්ඩායමක් මේ දිනවල සෙවිල්ලෙන් පසුවෙති.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මන්ත්‍රීන්ට කෝටි ගණනින් සුපිරි තෑගි