උපුල් වික්‍රමසිංහ
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හැකි වුවහොත් 2015 වසරේ දී සිදු කරන ලද මහ බැංකු බැඳුම්කර ගනුදෙනු නිසා සේවක අර්ථසාධක අරමුදල (EPF)ට මේ දක්වා සිදුව ඇති අලාභය හෙළිදරව් කිරීමට මහ බැංකුවට සිදු වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
අදාළ බැඳුම්කර ගනුදෙනු නිසා සේවක අර්ථසාධක අරමුදලට දැඩි බලපෑමක් සිදුව ඇතැයි කියන මන්ත්‍රීවරයා වෝහාරික විගණනයක් නොකර එම අලාභය ගණනය කළ නොහැකි බව ද කියයි. එබැවින් ගැසට් පත්‍රයේ පළ කර ඇති මේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව ද, ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා සූදානම් වෙන සියලු දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම පිළිබඳ යෝජනා ඇතුළත් කරන්නැයි තමන් ඉල්ලා සිටින බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කරයි.
තමන් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත වුවහොත් සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් වූ ආයෝජන පිළිබඳ තොරතුරු මාසිකව නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වෙන බව ද සේවක අර්ථසාධක අරමුදල නැවත අවභාවිත කිරීමට නොහැකි වෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මැයි මාසයේ පළමු සතියේ දී මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි