IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි

(අංජුල මහික වීරරත්න)

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා  තෙවරප්පෙරුම  මහතාගේ මතුගම නිවසට අද (17) ගියේය.

තෙවරප්පෙරුම  මහතාගේ බිරිය සහ පුතණුවන් සමග අවමංගල්‍ය උත්සවයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ එජාප සභාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ශෝකය තෙවරප්පෙරුම පවුලට පිරිනමා තිබේ.

තෙවරප්පෙරුම මහතාගේ වියෝව ඇසූ සැණින් ජනාධිපතිවරයාද දැඩි ලෙස ශෝකාකූල වූ බව එහිදී සඳහන් කළ වජිර අබේවර්ධන මහතා එජාපය අන්ත අසීරු තත්ත්වයට පත් වූ මොහොතේ පවා පක්ෂය හැර නොගිය තෙවරප්පෙරුම මහතාගේ වියෝගය දරා ගත නොහැකි පාඩුවක් බව ද සඳහන් කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර , සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් මහත්වරුද තෙවරප්පෙරුම මහතාගේ මතුගම නිවසට ගොස් අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීය.



අදහස් (10)

සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි

Buddika Wednesday, 17 April 2024 08:40 PM

වජිරට බෑ පාලිතගෙ හැකියාවට ලගින්වත් යන්න.පාලිත ජනතව ආදරය කරන පුද්ගලයෙක්. වජිර ජනතා කෝපයට පත් උන ඩීල්බ්කාරයෙක්

:       3       23

විජිත් Wednesday, 17 April 2024 09:51 PM

මට පෙනෙන්නේ මුන් කට්ටිය එකතුවෙලා ,චන්දෙට මිනිය විකුනන්න වගෙයි...එක්සත් ජාතික පක්ෂය කියන මිනීමරු හොර ගුහාවේ හිටිය එකම " මිනිස් ගති ගුණ තිබුන සැබෑ මිනිසා" තෙවරප්පෙරුම මහතා පමණයි.

:       8       28

chandima Wednesday, 17 April 2024 10:51 PM

පෙට්ටියට අත ගහලා චන්ද ටිකක් කඩාගන්න බැලුවේ නැතිද ?

:       6       18

එල්.දයානන්ද . Thursday, 18 April 2024 06:24 AM

පාර්ලිමේන්තුව නියෝජනයක් කලාවූ මිනිසුන් අතර අපට අහිමිවූයේ රන්කදක් බවත් මොහුට සමකල හැකි මිනිසෙක් මේ මිහිපිට නොමැති බවත් අන් හැමෙකාම නොදන්නා ඔහු මැරෙන බව දැන ක්‍රියාකල උතුම් මිනිසෙකි.

:       3       24

Chandima Thursday, 18 April 2024 07:09 AM

රොනී වගේ මෙයා රනිල්ට රහසින් මුකුත් කියලා තිබිලා නැතිද ?

:       4       7

ලුම්බිණි Thursday, 18 April 2024 09:21 AM

තෙවරප්පෙරුම මහතාගේ වියෝව ඇසූ සැණින් ජනාධිපතිවරයා දැඩි ලෙස ශෝකාකූල උනාද? අනේ පව්.

:       7       11

පද්මසිරි හෙට්ටිආරච්චිගේ Thursday, 18 April 2024 10:03 AM

කොහොමද ?රටේ ජනතාවගේ ප්‍රතිචාරයේ වෙනස,පාලිත ට සහ සනත් නිශාන්තට ,දැනට ජීවත් වෙලා ඉක්න දූෂිත කම් කරන හැම එකෙක්ම තේරැම් ගනිල්ලා,"life is very short"කියලා,

:       2       16

Lalfernando Thursday, 18 April 2024 02:36 PM

ඩීල් වජිරයගෙ සූදානම පාලිත තෙවරප්පෙරුමගේ මෘත දේහය විකුණාගෙන කෑමයි. ඌ අශූචි ගොඩක් හරි අහුවුනොත් කන ජාතියේ එකා.

:       2       5

Lal Fernando Thursday, 18 April 2024 02:39 PM

ඩීල් වජිර, පාලිත තෙවරප්පෙරුමගේ මෘත දේහය විකුණාගෙන කෑමට සූදානම් වගෙයි.

:       2       7

ගැස්සින්කෝ පීටර් Thursday, 18 April 2024 03:10 PM

මැරෙන බව අමතක නොකළ එකම දේශපාලකයා තෙවරක්පෙරුම මැතිතුමාට නිවන්සුව පතමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සීඅයිඩී වෙසින් කෝ‍ටි හතරක කප්පම් ඉල්ලලා
2024 අප්‍රේල් මස 30 5 0

රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයකුගෙන් කෝටි හතරක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන



ඡන්දෙ දෙන්න ඕනෑ කාටදැයි මා කීවේ නෑ
2024 අප්‍රේල් මස 30 71 0

කිසිඳු පක්‍ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්‍ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ල


ඉන්ධන මිල පහළට
2024 අප්‍රේල් මස 30 269 0

ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත.


විපක්ෂයේ ලොක්කෙක් ප්‍රා. සහා අපේක්ෂිකාවක නම‍ට බාර් අරන්
2024 අප්‍රේල් මස 30 196 0

විපක්ෂයේ දේශපාලන පක්ෂයක නායකයකු ද මහියංගනය රිදීමාලියද්ද නගරයේ මත්පැන් අලෙවිසලක් විවෘත කිරීමට ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි ඉතාම විශ්ව


විදුලි බිලට ලබන මාසෙ ලොකු සහනයක්
2024 අප්‍රේල් මස 30 614 0

විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 406 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1815 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1632 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site