IMG-LOGO watawala

2024 මැයි මස 22 වන බදාදා


සීඅයිඩී වෙසින් කෝ‍ටි හතරක කප්පම් ඉල්ලලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයාන් සූරියආරච්චි)

රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයකුගෙන් කෝටි හතරක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන කාන්තාවක ඇතුළු සිවුදෙනකු කොල්ලුපිටිය ප්‍රදේශයේ බැංකුවක් අසලදී  වැටලීමක් කර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව කඩවත ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර අනෙක් තිදෙනා දෙමඩගොඩ කොළඹ 12 විල්සන් මාවතේ සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

රහස් පොලිස් නිලධාරිනියක සහ නිලධාරින් ලෙස පෙනී සිටි සිවු දෙනකු මීට දින කිහිපයකට ඉහතදී කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවෙසක තිබූ එක්කෝටි විසි ලක්ෂයක මුදලක් සහ ඇමෙරිකන් ඩොලර් 3500ක් නීති විරෝධී ලෙස උපයා ගත් බව කියමින් ඔවුන්ගේ බාරයට ගෙන රැගෙන ගොස් ඇත.

මීට අමතරව එම නිවෙසේ සිටි ඉන්දියන් ජාතිකයකු සතු විදෙස් ගමන් බලපත්‍රය ද රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි මෙම අය විසින් රැගෙන ගොස් ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ඊට විරුද්ධව ක්‍රියාමාර්ග නොගෙන උදව් කිරීම සඳහා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් පැමිණිලිකරුගෙන් ඉල්ලා ඇත.

එම මුදල කෝටි තුනහමාරක් දක්වා අඩු කරගෙන එම මුදලින් රුපියල් කෝටියක මුදලක් කොල්ලුපිටිය ප්‍රදේශයේ බැංකුවක් අසලදී එම ව්‍යාපාරිකයාගෙන් ලබාගත් බව කියන අවස්ථාවේ වැටලීමක් සිදු කර මෙම සිව් දෙනා අත්අඩංගුවට ගත් බව කොමිසම පවසයි.

 



අදහස් (0)

සීඅයිඩී වෙසින් කෝ‍ටි හතරක කප්පම් ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

දියත

මස්සිනාගෙ කඩු පහරින් මස්සිනා මරුට
2024 මැයි මස 22 54 0

මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .


පිලිපීන කත කුඩු සමග අල්ලයි
2024 මැයි මස 22 63 0

රුපියල් කෝටි 20 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ පිලිපීන කාන්තාවක අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පවසයි.


වරෙන්තු 59ක් ලබා සිටි කතක අල්ලයි
2024 මැයි මස 22 113 0

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ පල කරනු ලබන දැන්වීම් මගින් සම්බන්ධ කරගනිමින් සෝයා මීට් නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ඉහළ මුදලක් ලබ


ඝාතනයකට සම්බන්ධ දෙකක් මාස 11කට පසු මාට්ටු
2024 මැයි මස 22 98 0

කොට්ටාව හොරණ පාරේ පෞද්ගලික රසායනාගාරයක් තුළදී මීට මාස එකොළහකට පෙර පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අයිස්


ඉරාන ජනපතිට බුලත් දුන් ගයිදු ලංකාදීපයට කතා කරයි
2024 මැයි මස 22 1171 0

ඉරාන ජනාධිපතිතුමා මත්තල ගුවන් තොටුපොළේදී සිංහල ක්‍රමයට බුලත් හුරුල්ලක් දී පිළිගත්තේ මමයි. හෙලිකොප්ටර් අනතුරකින් එතුමා මියගිය බව දැනගත්තාම දරා ගන්


මරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය ලංකාවේ අයි.එස්ලා
2024 මැයි මස 21 1756 0

අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ක්‍රියාකාරී අයි.එස් ත්‍රස්තවාදීන් සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් බ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 858 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2404 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2063 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site