IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


ෆොක්ස්හිල් ධාවකයන්ට අධිකරණය දුන් නියෝගය

(ප්‍රසාද් රුක්මල්)

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවැති නඩුව යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කදවූ අවස්ථාවේ එම අනතුර සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ බැදුම්කර දෙකක් මත මුදාහරිමින් යළි අධිකරණයෙන් සිතාසියක් ලැබු‍ණොත් පමණක් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්. පීටර් ෆෝල් මහතා ධාවකයන් දෙදෙනාට ඊයේ (30) නියම කළේය.

ෆොක්ස්හිල් මෝටර් රථ තරගයට ඉදිරිපත් වී තරග අංක 5 යටතේ තරග කළ මාතර මැදපාර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් උඩුවිට (36), සහ තරග අංක 196 යටතේ තරග කළ පේරාදෙණිය මාකන්ද ප්‍රදේශයේ පදිංචි ඒ.එම්.ඩිලාන් සංජීව (47) යන මෝටර් රථ තරග කරුවන් දෙදෙනාට මෙසේ නියෝග කෙරිණ.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය සහ දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කළ මෙම ෆොක්ස්හිල් මෝටර්රථ , යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේදී පැවැති අතර එම තරග පැවත්වෙමින් තිබියදී ෆෝඩ් ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 සීසී මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී මෙම ධාවකයන් දෙදෙනා පැදවූ මෝටර් රථ දෙක එකිනෙක ගැටී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර්රථ අනතුර සිදු විය.

 



අදහස් (5)

ෆොක්ස්හිල් ධාවකයන්ට අධිකරණය දුන් නියෝගය

layiyaa Wednesday, 01 May 2024 04:50 AM

සාධාරණ නඩු තීන්දුවක්...නියමිත වේගය ඉක්මවා ධාවනයේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදකි...මීට කැකිල්ලේ..

:       1       17

Yasantha Wednesday, 01 May 2024 06:08 AM

නරබන්නන්ට නැරඹිය හැකි ආරක්‍ෂිත ස්ථාන හදන්න ,වැඩේ ඉවරයි .ගස් අස්සේ ,පාරවල් අයිනේ නිකම් ඉඳන් මෝටර් ක්‍රොස් බලන්නේ නැහැ

:       1       12

kumara Wednesday, 01 May 2024 07:17 AM

ප්‍රේක්ෂකයන් රැදී සිටින තැන් වලට අවදානමක් ඇති පරිදි සැලසුම් ඉදිරිපත් කළ අය අත් අඩංගුවට ගන්නේ නැද්ද? ඒවයේ ආසන පනවා තිබුනා ද? වංගුවක පස් උඩ යන වාහනයක් වේගය පාලනය වෙන්නේ කොහොමද? ඒ ඉදිරියේ බාධක යොදා අනතුරක් වලක්වා ගැනීමට යාන්ත්‍රණයක් සංවිධායකයන් සංවිධානය කර තිබුණා ද? මේ කරුණු සලකා බැලිය යුතුයි. තිරිංග වදින්නැති, පාර පේන්නෙ නැති තත්ත්වයක් ඇති උනාම ඒක වලක්වා ගත හැකි වෙන්නේ කොහොමද? මේක තරගයක්. නැතිවුනු ජීවිත මහ අපරාදයක්. නමුත් මේ දෙයින් තවත් ප්‍රසිද්ධිය ලෝකය පුරා යනවා රේස් පදින රේස් නරඹන පිරිස අතර. මේ සල්ලි උල්පත බලාගෙන සංවිධායකයන් කළ දෙයක් වෙන්න බැරිද?

:       2       15

ANDARE Wednesday, 01 May 2024 12:19 PM

"ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය සහ දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කළ මෙම ෆොක්ස්හිල් මෝටර්රථ , යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේදී පැවැති අතර එම තරග පැවත්වෙමින් තිබියදී ෆෝඩ් ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 සීසී මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී මෙම ධාවකයන් දෙදෙනා පැදවූ මෝටර් රථ දෙක එකිනෙක ගැටී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර්රථ අනතුර සිදු විය." මෙම සංවිධාන සම්බන්ධයෙන් නීති කෘත්‍යයක් අදාල නොවන්නේද?

:       0       10

de silva Wednesday, 01 May 2024 03:07 PM

මේකට වගකිව යුත්තේ සංවිධායකයින් මිසක් තරඟ කරුවෝ නොවේ...

:       0       14

ඔබේ අදහස් එවන්න

දියත


‘අවදානමක් නැතිනම් පුත්තලමේ පාසල් අරඹන්න‘
2024 මැයි මස 21 36 0

ගංවතුර නිසා වසා දැමුණ පුත්තලම දිස්ත්‍රික්යෙ පාසල් ගංවතුර අවදානම පහව ගොස් ඇත්නම් පමණක් පවත්වන ලෙස වයඹ පළාත් ප්‍රධාන ලේකම් දිපිකා ගුණරත්න මහත්මිය පුත්


දිස්ත්‍රික්ක නවයකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 මැයි මස 21 62 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 50 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (21) සවස ජ


නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු දෙන්න කැබිනට් අනුමැතිය
2024 මැයි මස 21 96 0

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදි


ඉරාන ජනාධිපතිගේ අවමගුලට සබ්‍රිත් යයි
2024 මැයි මස 21 287 1

ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිස්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ම


කසිප්පු පෙරූ එස් අයි ගේ වැඩ තහනම්
2024 මැයි මස 21 128 0

කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර ඇති බව අනුරා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 853 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2400 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2059 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site