යොහාන් භාසුර
කිසිඳු පක්‍ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්‍ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයකදී කළ ප්‍රකාශ සහමුලින්ම ප්‍රලාපයක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.
‘පාස්කු දින’ ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කිරීමේදී මානව හිමිකම් කඩකළ සහ ‘පාස්කු දින’ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉෂ්ට නොකළ පක්‍ෂවලට ඡන්දය නොදෙන ලෙස පමණක් ප්‍රකාශ කළ බවත් ‘පාස්කු දින’ ප්‍රහාරයේ සත්‍ය පිළිබඳව විමර්ශන කරන්නේ යැයි සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය පමණක් මේ දක්වා වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් එම නිවේදනයෙන් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කරති.
වෙනත් දේශපාලන පක්‍ෂ ද එවැනි වැඩ සටහන් ඉදිරිපත් කළ හැකි මෙන්ම පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ, විනිවිද පෙනෙන පරීක්‍ෂණයක් කරන ලෙස එම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද පවසන කොළඹ අගරදගුරුතුමා එවැනි විසඳුමක් දෙන ඕනෑම පක්‍ෂයකට කැමැති අයුරින් ඡන්දය ප්‍රකාශ කිරීමට සියලුම පුරවැසියන් දිරිමත් කරන බව ද කියති.
අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’ හා ‘ගම්මාන විදුලි වැට’ ලෙස නියමු ව්‍යාපෘති දෙකක්
බොරැල්ල කනත්තේ තිබූ විශාල ගසක් මාර්ගයට කඩා වැටීමෙන් බොරැල්ල ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති විය.
පාපතර ඥාතී පුත්‍රයාගේ දෑතට ගෙල සිරවීමෙන් මිය ගිය මීරිගම මාළදෙනියේ මව පියා සහ පුතාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මහා සංඝරත්නයේ ආගමික වතාවත
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීති විරෝධී බවට තීන්දුවක් ඉල්ලා පාර්ල
එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 4726ක් පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැ
ඉමදුව කෝඹල පිටුවලහේන ගුණසේකර කන්ද ප්‍රදේශයේ තේ ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතට ගසක් කඩාවැටි ඔහු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඡන්දෙ දෙන්න ඕනෑ කාටදැයි මා කීවේ නෑ
Ridma Tuesday, 30 April 2024 11:20 PM
සුදු ඇඳගෙන කලු ඇවිදින් මුසා කියයි උමතු ලෙසින් ඩොලර් රසට වෙලා වහල් දුක විකුණයි සුදන වෙසින්
Dasa PWednesday, 01 May 2024 06:13 PM
කවිය නම් ලස්සනයි. හැබැයි පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කරනවා කියලා බොරු පොරොන්දු දීලා බලයට ඇවිත් ඒක යට ගහපු එක නම් මකාගන්න බෑ..!
Asanga samantha Wednesday, 01 May 2024 10:24 AM
හා හා මෙයා බබා. මෙයා දිය යටින් ගින්දර ගෙනියන කෙනෙක්.
සුරංග Wednesday, 01 May 2024 10:55 AM
කට බොරු කිව්වට දිව බොරු කියන්නෙ නැහැ අපිට හොදින්ම මතකයි ගෝඨාභය ජනාධිපති කරන්න දැගලූ දැගලිල්ල .අසංග ඔබේ අදහස ඉතාමත් නිවැරදියි
anura Wednesday, 01 May 2024 11:55 AM
පරණ වෙන කොට වයර් මාරුවෙන එක සාමාන්‍ය දෙයක්. කරන්න තියෙන්නේ අළුත් එකක් ගන්න එකයි..
Saman Senarathne Wednesday, 01 May 2024 03:05 PM
එයාටද පිස්සු... මටද පිස්සු කියලා හිතන ගමන් ඉන්නේ...!
විපරමා Wednesday, 01 May 2024 04:11 PM
කෙන්ද කන්ද කරලා කියන, ජනතාව අන්දවන, ටොම් පච ගහන බලලෝභී දූෂිත දේශපාලුවන් දියවන්නාවේ ඉන්නේ... ගෝඨාභය ආරක්ෂාවට වගකියන නායකයෙක්, පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කරනවා කියලයි පොරොන්දු වුනේ...
සාලිය Wednesday, 01 May 2024 05:35 PM
එතකොට දැන් කාවවත් ප්‍රොමෝට් කරන්නැද්ද?
chandima Wednesday, 01 May 2024 08:16 PM
පහුවෙලා ඡන්දෙටත් යාඥා කරන්න හිතාගෙන ඉන්නවද?
Harimanis Wednesday, 01 May 2024 11:06 PM
ඇති හුකුම් ගේ ඔලුව වැදිලා .ඔය ඉස්සෙලම මීගමුවේ ධීවරයන්ගෙයි ලෙල්ලම දීලා එන්නකෝ මාධ්‍ය ඉස්සරහට