සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරග නොවැදීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ විශාල මුදලක් වැය කරමින් බවත්, බොහෝ අය මෙම වියදම් වූ මුදල ආවරණය කරගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වාහන බලපත්‍රයෙන් බවත් පැවසේ.
වාහන බලපත්‍රය තාවකාලිකව නතර කිරීම නිසා ඡන්ද වියදම් සඳහා මුදල් සොයාගැනීම දුෂ්කර වී ඇතැයි මන්ත්‍රීවරු පෙන්වා දෙති.
ඡන්දෙට කලින් වාහන බලපත්‍රය නොලැබුණහොත් මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම අප සමග පැවසූහ. මන්ත්‍රීවරුන්ට මෙයට පෙර දුන් වාහන බලපත්‍රයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට වැඩිය. රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීම සඳහා මුදල් වෙන් කිරීම මුදල් අමාත්‍යංශය තාවකාලික අත්හිටුවනු ලැබීය.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි. මේ අතර මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මන්ත්‍රී සේවා අංශයට පැමිණ වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර අධික ඉන්ධන මිල හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට සහ විවිධ උත්සවවලට සහභාගිවීමද සීමා කර ඇතැයි වාර්තාවේ. පසුගිය කාලයේ ඇතිවූ විවිධ සිද්ධීන්වලින් කලකිරීමට පත්වුණු මන්ත්‍රීවරු පිරිසක්ද ඉදිරි මැතිවරණවලදී තරග නොවැදීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත. ඉන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු වෙති. මේ අතර මන්ත්‍රීවරුන්ගේ ගැටලු කතාබහ කරන පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාව මාස ගණනාවකින් රැස්වී නැතැයිද වාර්තාවේ.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පර්මිට් නෑ , සල්ලි නෑ , ඡන්දෙට එන්න බෑ