නිරෝෂාන් ප්‍රේමරත්න
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙරට වෙළෙඳපොළේ පවතින සබන් නිෂ්පාදනවල නම සහ සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය ඇසුරුම් මත සඳහන් කිරීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මෙම නව රෙගුලාසි ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, ෂේවීන් සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් සඳහා අදාළ වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස්. එම්. ඩී. සූරියකුමාරගේ නිර්දේශ පරිදි 2027 වර්ෂයේ ජූලි මස 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විධිවිධාන ක්‍රියාත්මක වේ.
පසුගිය වකවානුවේ විවිධ සන්නාම යටතේ සබන් වර්ග රැසක් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීම නිරීක්ෂණය වීමත් සමග එම නිෂ්පාදන නියාමනයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නව රෙගුලාසි නිකුත් කර තිබේ.
වෙළෙඳපොළේ පවතින සබන් සන්නාම බොහොමයක් අදාළ නිර්දේශ නිවැරදිව අනුගමනය කරමින් නිෂ්පාදනවල අන්තර්ගත අමුද්‍රව්‍ය වර්ගද ඇසුරුම් මත ප්‍රදර්ශනය කරනු ලැබුවත් ඇතැම් සබන් නිෂ්පාදන ඇසුරුම්වල එම නිෂ්පාදන තුළ අන්තර්ගත අමුද්‍රව්‍ය හෝ මේද පදාර්ථ ප්‍රතිශතය පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවට චෝදනා එල්ල වෙමින් පැවතුණි. ඒ අතර ඇති බහුතර සබන් වර්ග දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර, ඇතැම් සබන් නිෂ්පාදන ආනයනය කරන ඒවා බවටද පැවසේ.
ඒ අනුව අදාළ නිෂ්පාදන නාමය ඝන අකුරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම හෝ එම භාෂා අතුරින් භාෂා දෙකකින් ප්‍රධාන රාමුව මතද, අනෙක් භාෂාවෙන් වෙනත් ඕනෑම රාමුවකද සටහන් කළ යුතුය. ඇසුරුම් කරන ලද අවස්ථාවේදී නිෂ්පාදනයේ අඩංගු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය ප්‍රතිශතයක් (%) ලෙස පැහැදිලිව ප්‍රකටව සහ මිලිමීටර් 2 (මි.මී. 2) ට නොඅඩු ඝන අකුරින් මුද්‍රණය කළ යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd