නිරෝෂාන් ප්‍රේමරත්න
එල්නිනෝ තත්ත්වය පැසිපික් සාගරයේ දුර්වලව පැවතියත් එළඹෙන ඔක්තෝබර් - දෙසැම්බර් කාලය තුළ වර්ධනය වීමේ සම්භාවිතාව සියයට 81ක අගයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් අප කළ විමසුමක දී පැවසීය.
ඒ අනුව මෙරට තුළ සාමාන්‍ය වර්ෂාව ඉක්මවා ගිය වර්ෂාපතනයක් එල්නිනෝ සමයේදී අපේක්ෂා කරන බවත්, මෙම තත්ත්වය මාස 7-10 අතර පැවතිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එහිදී අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මෙසේ ද පැවසීය.
“අපි මේ වනවිට සිටින්නේ නිරිතදිග මෝසම් සක්‍රීයව පවතින කාල සීමාවකයි.. නිරිතදිග මෝසමේ බලපෑම නිසා බස්නාහිර, සබරගමුව, වයඹ සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක තුළ සුළු වැසි ඇතිවීමේ සම්භාවිතාවක් පැවතියත්, එය ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. නිරිතදිග මෝසමෙන් වැසි නොලැබෙන උතුරැ සහ නැගෙනහිර පළාත් තුළ තවදුරටත් උණසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා.
එල්නිනෝ තත්ත්වය පැසිපික් සාගරයේ දුර්වල තත්ත්වයකයි පවතින්නෙ. නමුත් එය ඔක්තෝබර් - දෙසැම්බර් කාලය තුළ වර්ධනය වීමේ සම්භාවිතාවක් තිබෙනවා. මෙය ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා යාමේ හැකියාව සියයට 81ක මට්ටමක පවතිනවා. මේ තත්ත්වය සෑම මාසයකම යාවත්කාලීන වන්නක්.”
“පසුගිය දත්ත හා සැසදීමේදී මේ වසරේදීත් එල්නිනෝ තත්ත්වය මත අපේක්ෂිත වර්ෂාපතනය සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩිවේවි කියන පුරෝකථනය තුළ තමයි අපිත් සිටින්නෙ. එල්නිනෝ තුළින් සිදුවන්නේ පවතින තත්ත්වය වර්ධනය කිරීමයි. වියළි කාලගුණයක් තිබුනොත් එය වර්ධනය කරනවා. වැසි කාලගුණයක් පැවතියොත් එය වර්ධනය කරනවා.
එල්නිනෝ තත්ත්වය ආරම්භ වූ පසු එය මාස 7 -10ත් අතර කාලයක් පවතිනවා. ඒ නිසා ලබන වසරේ මුල් කාර්තුවේදිත් අපට බලපාවි. කෙසේ නමුත් පවතින තත්ත්වයත් එක්ක තිබෙන ජලය සහ ලැබීමට නියමිත ජලය කළමනාකරණය කර ගැනීමෙන් එල්නිනෝ තත්ත්වයෙන් පසු කාලය කළමනාකරණය කරගත හැකිවෙනවා”.
“දැනට දැනෙන උණුසුම් කාලගුණය පවතින්නේ උතුරැ, නැගෙනහිර පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළයි. මේ තත්ත්වයට එල්නිනෝ වල බලපෑමක් නැහැ. වැසි අඩු නිසයි ඒ උණුසුම් තත්ත්වය වැඩිපුර දැනෙන්නෙ. ඒ නිසයි ශරීරයට දැනෙන උෂ්ණත්වය ගැන අවවාදාත්මක නිවේදනත් නිකුත් කළේ. කෙසේ නමුත් උතුරැ මැද පළාතේ පොළොන්නරැව සහ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්ක ගත්තම මෝසම් සුළංවල බලපෑම නිසා උණසුම පැවතියත් එතරම් දැනෙන්නෙ නැහැ.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd