ප්‍රේමකීර්ති රණතුංග
තම ප්‍රදේශයේ සිටින ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ඉහළ පොලිස් නිලධාරීන් මාරු කරන ලෙස විවිධ පාර්ශ්වවලින් ජනාධිපතිවරයාට ඉල්ලීම් ලැබෙන බව ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ කිසිම ඉහළ නිලධාරියකු අනවශ්‍ය ලෙස මාරු නොකරන බවය. නිලධාරීන් එසේ මාරු කරන්නේ නම් පෙර පැවැති ආණ්ඩු සහ තම රජය අතර වෙනසක් නොමැති බව පවසා ඇති ජනාධිපතිවරයා එවැනි පියවරකට තම රජයට යා නොහැකි බවද පවසා ඇත.
දේශපාලන අධිකාරියට පැය විසිහතරම වැඩ කළ හැකි වුවත් නිලධාරීන්ට එසේ කළ නොහැකි බවත් ඔවුන් පැය අටක රාජකාරියකට හුරු වූ අය බවත් පවසා ඇති ජනාධිපතිවරයා නිලධාරීන් සමග සහයෝගයෙන් රාජකාරි කිරීමට පුරුදු විය යුතු බවද පවසා තිබේ. යම් නිලධාරියකු සමග වැඩ කළ නොහැකි බව පවසා ඔහු මාරුකිරීමෙන් සිදුවන්නේ රජයේ තවත් තැනක වැඩ කටයුතු අවුල්වීම බව පවසා ඇති ජනාධිපතිවරයා නිලධාරින් සමග සුහදව වැඩ කිරීමෙන් ඔවුන් කාර්යක්ෂම කරගත යුතු බවද පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd