නිශාන්ත කුමාර බණ්ඩාර
මෙරට L.N.G. බලාගාර ඉදිකළද ඒවායින් ප්‍රයෝජනයක් නොගැනීම ජාතික අපරාධයක් බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ පවසයි.
මෙගාවොට් 350ක බලාගාරයක් ඉදිකර එයින් ප්‍රයෝජනයක් නොගැනීම නිසා වසරකට ඩොලර් මිලියන 50 ක් එම ආයතනයට ගෙවීම මහජන මුදල් නාස්තියක් බව ද ඔහු සඳහන් කරයි.
එය හදිසි අවස්ථාවකදි පමණක් ප්‍රයෝජනයට ගත්තද එයින් කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ඔහු කීය. තවත් එවැනි බලාගාරයක් ඉදිකිරීමට සුදානම් වන බව පෙන්වාදෙන හෙතෙම මේ නිසා විශාල මුදලක් නිකරුණේ වැය කරන බව ද සඳහන් කළේය.
L.N.G. බලාගාර ඉදිකිරීමෙන් මෙරටට කිසිදු වාසියක් නොලැබෙන බව පෙන්වාදෙන පරිසර යුක්ති කේන්ද්‍රය එයින් ප්‍රයෝජනයක් නොගැනීම නිසා මහජන මුදල් නිකරුණේ වැය කිරීම ජාතික අපරාධයක් බවද පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd