සුජිත් හේවාජුලිගේ

යාපනය, ඌව, අම්පාර ඇතුළු දුර බැහැර විශ්ව විද්‍යාලවලට ආචාර්යවරුන් බැඳීමේ සැලකිය යුතු අඩුවක් ඇති නිසා ඔවුන් දිරිගැන්වීමේ විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසීය.

සරසවි ආචාර්යවරුන්ගේ දරුවන් අදාළ සරසවි පිහිටි ප්‍රදේශයන්හි පාසල්වල අතරමැදි පන්තිවලට ඇතුළත් කරගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසාදීම එහි එක් පියවරකි. මේ අනුව පාසල්වල අතරමැදි පන්ති සඳහා දරුවන් ඇතුළත් කර ගැනීමේදී සරසවි ආචාර්යවරුන්ගේ දරුවන්ට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාදීම කෙරෙනු ඇත. එම වැඩපිළිවෙළ මේ වසරේ සිට ආරම්භ විය.

මීට අමතරව කොළඹ සහ ඒවට තදාසන්න ප්‍රදේශවලින් බැහැර විශ්වවිද්‍යාල සඳහා යන ආචාර්යවරුන්ට ආර්ථිකමය වශයෙන් තවත් ප්‍රතිලාභ අත්කරදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ආචාර්යවරුන් ඈත දුර බැහැර විශ්වවිද්‍යාලවලට යෑම සඳහා අදි මදි කිරීමට විවිධ හේතු කාරණා බලපා ඇති බව පෙනී ගොස් ඇත. පදිංචිය පිළිබඳ කාරණා, දරුවන්ගේ අධ්‍යාපන ගැටලු‍, ආර්ථිකමය  ප්‍රශ්න මේ සඳහා මුල් වී තිබේ.