සුජිත් හේවාජුලිගේ
කොවිඩ් බලපෑම හේතුවෙන් පාසල් අධ්‍යාපනයේ ඇතිවූ බාධා මගහරවා ගැනීම සඳහා වැඩසටහන් මෙහෙයවීමට ජාතික අධ්‍යාපන ආයතනයට 2020 වර්ෂයේ දී දුන් රුපියල් පහළොස් කෝටියක මුදලින් කෝටි 12 ක්ම එම අරමුණට බාහිර කටයුතු වෙනුවෙන් වැය කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
අධ්‍යාපනයේ ඇති වූ බාධා මගහරවා ගැනීම සඳහා ගුරුගෙදර වැනි රූපවාහිනී සහ වෙනත් වැඩසටහන් මෙහෙයවීම සඳහා මෙම මුදල දෙනු ලැබුවේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ වෙනත් සංවිධාන විසිනැයි ද එම වාර්තාවේ දැක්වේ. මෙය ගැටලුකාරී තත්වයක් බව විගණන කාර්යාලය පෙන්වාදී ඇත.
මේ අතර ජාතික අධ්‍යාපන ආයතනය 2006 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලයට අදාළව ගෙවිය යුතු රුපියල් හත් කෝටියකට ආසන්න හිඟ අර්ථසාධක හා අධිභාර මුදල 2020 වර්ෂය අවසාන වනවිටත් නිරවුල් කර නොතිබූ බව එම වාර්තාවේ සඳහන් වේ. නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ මාස හය ඉක්මවූ රුපියල් කෝටියකට ආසන්න වටිනා චෙක්පත් හතළිස් හතරක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණු බව විගණන කාර්යාලය කියයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දරුවන්ගේ ඉගෙනුමට දුන් කෝටි 15 න් කෝටි 12 ක්ම පිට වැඩවලට දාලා