පද්මිණි මාතරගේ
ජනතාවගේ උගුරු දණ්ඩ මිරිකන ජල පනතක් ගෙන ඒමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බවත්, මෙම ජනතා විරෝධී ජල පනත කිසිසේත් සම්මත කිරීමට ඉඩ නොදෙන බවත් ජීවයේ අයිතිය පරිසර සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
වත්මන් ආණ්ඩුව ජල වෙළෙඳපොළ සංකල්පය යටතේ, ජලය විකුණා දැමීමේ සූදානමක් පවතින බවත් දැනටත් බොන වතුරට මිලක් අයකරන අතර, ඉදිරියට වගා ජලයටද මිලක් නියම විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
රටේ ජලය පෞද්ගලීකරණය කිරීමට ගත් උත්සාහයට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා, 2001 රනිල් වික්‍රමසිංහ පාලනයේදීත්, චන්ද්‍රිකා කුමාරණතුංග පාලනයේදිත් මෙම උත්සාහය පැවති අතර ජනතා උද්ඝෝෂණ හමුවේ ඒවා යටපත් වූ බවත්, වර්තමාන ආණ්ඩුව එය නැවත ඉදිරියට ගෙනැවිත් තිබෙන බවත් කීය.
ප්‍රතිව්‍යුහකරණය, කළමනාකරණය මේ ආදි අලුත් නම් යොදමින් රටේ සම්පත් පෞද්ගලීකරණය කිරීමේ සැලසුම් ගෙන එන බවත් නව ජල කළමනාකරණ පනතක් සකස් කරන්නට අවශ්‍ය බව පවසමින්, ආණ්ඩුවේ පළමුවැනි කැබිනට් පත්‍රිකාව 2020 වර්ෂයේ දී ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මෙයට අදාළ දෙවැනි කැබිනට් පත්‍රිකාව මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර මහත්වරුන් ඒකාබද්ධව අත්සන් තැබු බවත්, ජල කළමනාකරණය සම්බන්ධව පනතක් කෙටුම්පත් කිරීමට මහචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ඇතුළු 13 දෙනෙකු නම්කර මණ්ඩලයක් පිහිටුවු බව ද සඳහන් කළේය.
ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කර පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට දැමු බවත් දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාගේ මැදිහත් වීම මත කැබිනට් අනුමැතිය ලැබුණු බව ද කීය.
ඒ අනුව මේ වෙන විට ඒ කැබිනට් පත්‍රිකාවට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජල කළමනාකරණ පනත හදමින් සිටින බව ද ඒ මහතා පැවසීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනතාවගේ උගුරු දණ්ඩ මිරිකන ජල පනතක් ?