විශ්වවිද්‍යාල ඇතුළු විවිධ ආයතන වෙනත් රටවල් සමග අස්සන් කර ඇති අවබෝධතා ගිවිසුම්වලින් (MOUs) රටේ ජාතික ආරක්ෂාවට හා ස්වාධීනත්වයට අහිතකර බලපෑම් සිදුවෙන්නේ ද යන්න ගැන අධ්‍යයනය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශවලින් සැදුම්ලත් කමිටුවක් ද පත්කර තිබේ.
ඒ යටතේ විශ්වවිද්‍යාල හා ඇතැම් පර්යේෂණ ආයතන විසින් වෙනත් රටවල් සමග අස්සන් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුම්වල අන්තර්ගතය අදාළ කමිටුව මගින් නැවත සමාලෝචනය කෙරෙන අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ද කමිටුවට පවරා තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේ එවැනි ගිවිසුම් දහසකට වැඩි සංඛ්‍යාවක් පවතින බවත්, වෙනත් රටවල් හෝ විදෙස් ආයතන සමග අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීමේ දී පිළිපැදිය යුතු උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කර ඇතත් ඇතැම් අවබෝධතා ගිවිසුම් එම උපදෙස්වලට පරිබාහිරව අස්සන් කර ඇති බැවින් ඒවා මෙලෙස නැවත සමාලෝචනය කරන බවත්ය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජාතික ආරක්ෂාවට තර්ජනයක් - අවබෝධතා ගිවිසුම් 1000 ක් නැවත සමාලෝචනයට