අංජුල මහික වීරරත්න
ගුවන් තොටුපොළ හා වරාය හරහා මෙරටට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව ක්ෂණික දත්ත ලබා ගත හැකි නවීන තාක්ෂණයෙන් යුතු දේශසීමා පාලන පද්ධතියක් මෙරටට නොමිලේ ලබාදීමට ඇෙමරිකා එක්සත් ජනපද රජය කැමැත්ත පළ කර ඇත.
ගුවනින් හා මුහුදින් දේශ සීමා උල්ලංඝනය කරන්නේද යන්න පිළිබඳව ද එම පද්ධතියට තොරතුරු ග්‍රහණය කර ගැනීමට හැකි වෙයි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ඇමරිකා එක්සත් ජනපද දූත පිරිස එසේ කැමැත්ත පළ කර ඇත. දේශසීමා පාලන පද්ධතිය නොමිලේ ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි දුරටත් සාකච්ඡා වී ඇති අතර, එයින් රටට ඇතුළු වෙන හා මෙරටින් පිටවන සියලු පුද්ගලයන් හඳුනා ගැනීමේ අවකාශය හිමිවේ.
ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු මෙන්ම අපරාධකරුවන්ගේ තොරතුරුද මේ පද්ධතියේ තිබෙන බැවින් ස්වයංක්‍රීයව එම තැනැත්තන් හඳුනා ගැනීමේ පහසුකම හිමි වන බව රජය පවසයි.
යම් අයකු අපරාධයක් කොට රටින් පිටවීමට උත්සාහ ගන්නේ නම් එයද මෙම පද්ධතිය මගින් වැළැක්විය හැකි බව රජය සඳහන් කරයි. මෙම දත්ත පද්ධතිය ලංකාවට ගැළපෙන්නේ ද? නැති ද? යන්න ගැන තවදුරටත් ඉදිරියේ දී රජය විසින් අධ්‍යයනය කිරීමට නියමිතය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගුවන් තොටුපළෙන් යනෙන අයගේ දත්ත ලබාගන්න පද්ධතියක් ඇමෙරිකාවෙන් නොමිලේ