ශ්‍රී ලංකාවේ සම්මත කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතින් භාෂණයේ නිදහස ඇතුළු මානව හිමිකම් සම්බන්ධයෙන් ඍණාත්මක බලපෑමක් සිදු වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසයි. ඔවුන්ගේ X ගිණුමේ (මීට පෙර ට්විටර්) සටහනක් තබමින් එ.ජා. මානව හිමිකම් කාර්යාලය මෙම අදහස පළ කර තිබේ.
මේ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ මේ වන විට සිවිල් සංවිධාන සහ ඔන්ලයින් කර්මාන්තයේ යෙදෙන කණ්ඩායම් විසින් මතුකර ඇති කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා මෙම නීතිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවයි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්බන්ධයෙන් විපක්ෂය, සිවිල් සංවිධාන සහ ඔන්ලයින් කර්මාන්තයට සම්බන්ධ බොහෝ දෙනෙකුගේ විරෝධය මතු වුවද පසුගිය ජනවාරි 24 වැනිදා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පනතට ඉදිරිපත් කළ සංශෝධන පනතට අඩංගු කර නැතැයි විපක්ෂය කියා සිටියද පෙබරවාරි පළමුදා කතානායකවරා සිය අස්සන යොදා පනත බලාත්මක කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඔන්ලයින් පනතින් මානව හිමිකම් වලට බලපෑම්