IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ඉරානය සහ පාකිස්තානය අතර ගැටුම් ඇවිළේ

ඉරාන විප්ලවීය හමුදාව, පාකිස්තානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත්, ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන හමුදාව ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර අර්බුදයක් නිර්මාණය විය.


ඉරානයත් පාකිස්තානයත් එක ළඟ පිහිටි රටවල් වන අතර, මායිම් වන්නේ බලු‍කිස්තාන ප්‍රාන්තයෙනි. බලු‍කිස්තානය එනමින් හැඳින්වෙන්නේ එය බලු‍ච් වැසියන්ගේ නිජබිම බැවිනි.

ඉරාන විප්ලවීය හමුදාව, ජනවාරි 17 වැනිදා මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේ, පාකිස්තානයට අයත් බලු‍කිස්තානයේ, ජයිෂ් අල් අඩ්ල් සුන්නි මුස්ලිම් බෙදුම්වාදී සටන්කාමීන්ගේ කඳවුරක් පිහිටි ගම්මානයකටය. ඉරාන දේශසීමාවේ, ඉරාන සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ මෙම බෙදුම්වාදීන්ය.
ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයෙන් කුඩා දරුවන් දෙදෙනකු මියගිය බවත්, තවත් දරුවන් තිදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා විය‍.


ඉරානයේ ප්‍රහාරය තරයේ හෙළා දකිමින්, පාකිස්තාන රජය චෝදනා කළේ, ඉරානය පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝනය කළ බවය. පාකිස්තාන රජය එරට ඉරාන තානාපති කැඳවා, ප්‍රශ්න කර, ඔහු රටින් නෙරපා දැමුවේය. තම ස්වෛරීත්වය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ද පාකිස්තානය පැවසීය. 
ප්‍රහාරය එල්ල වෙද්දී, ඉරාන විදේශ අමාත්‍යවරයා හුසේන් අමීර් අබ්දුල්ලහියාන් ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවැත්වෙන, ලෝක ආර්ථික සමුළුවට සහභාගි වෙමින් සිටියේය. සමුළුව අතරතුරේ ඔහු එම ප්‍රහාරය සම්බන්ධයෙන්, මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් ද කළේය.


ඉරාන හමුදාව පහර දුන්නේ, ජයිෂ් අල් අඩ්ල් බෙදුම්වාදීන්ට බවත්, ඔවුන් ඉරානයේ පමණක් නොව, පාකිස්තානයේ ද සතුරන් බවත්, පාකිස්තාන වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට හෝ පාකිස්තානය අමනාප කර ගැනීමට හෝ කිසිදු හේතුවක් ඉරානයට නොමැති බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේය.


ඉරාන ප්‍රහාරයෙන් පැය 24 ක් ගතවීමටත් පෙර, පාකිස්තානය පෙරළා ඉරානයට අයත් සිස්ටන් බලු‍කිස්තාන ප්‍රාන්තයේ ඉස්ලාමීය බෙදුම්වාදීන් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළේය. එයින් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු ඉරාන වැසියෝ නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.


ඉරාන විප්ලවීය හමුදාව, පාකිස්තානයට ගුවන් ප්‍රහාරය එල්ල කළේ සිරියාවේත්, ඉරාකයේත් සතුරු ඉලක්ක දෙකක් පහර දී විනාශ කිරීමෙන් පසුවය. ඉරාන හමුදාව පහර දුන්නේ ඉරාකයේ කුර්දිවරුන් වෙසෙන, කුර්දිස්තානයේ පිහිටි ගොඩනැගිල්ලකටය. මෙය ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශ නිලධාරීන්ට අයත් එකක් යැයි ප්‍රහාරයෙන් පසු ඉරාන විප්ලවීය හමුදාව අනාවරණය කළේය. 


පාකිස්තානයට අයත් බලු‍කිස්තානයට ඉරානය මිසයිල සහ ඩ්‍රෝන යානාවලින් පහර දීම, ඉරානයේ එදිරිවාදියකු වන ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් විය. එක් දිනක් තුළ ඉරානය විදේශ රටවල් 3 කට ප්‍රහාර එල්ල කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්විණ. 
ඉරානය සිරියාවේත්, ඉරාකයේත් ඉලක්කවලට පහර දුන්නේ, ඊශ්‍රායල හමාස් අර්බුදය මුල්කොට ගනිමිනි. යේමනයේ හවුති සටන්කාමීන්, රතු මුහුදේ නැව්වලට බාධා කරන්නේ ද ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑමට විරෝධය දක්වමිනි. හවුති යනු ඉරානයේ සහාය ලබන ෂියා මුස්ලිම් සටන්කාමීන් පිරිසක් වන අතර, ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය හවුති සටන්කාමීන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නම් කරමින් ඔවුන්ට දිගින් දිගටම පහර දෙයි. ඉරානය සිරියාවේත්, ඉරාකයේත් ඉලක්කවලට පහර දුන්නේ, ඊශ්‍රායල හමාස් අර්බුදයත්, හවුති සටන්කාමීන් මුල්කොටගත් අර්බුදයත් ඔඩුදුවද්දීය. 


ඉරානය පාකිස්තානයට පහරදීමත්, පාකිස්තානය ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානයට පහර දීමත් සම්බන්ධයෙන් චීනය පවසා ඇත්තේ ප්‍රහාර එල්ල කර ගැනීම වහා නවත්වන ලෙසය. චීනය, පාකිස්තානයේත් ඉරානයේත් මිතුරෙකි. 


ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඉන්දීය රජය පවසා ඇත්තේ, ඉරානයත් පාකිස්තානයත් අතරේ හටගත් අර්බුදය ඉරානයේත් පාකිස්තානයේත් අර්බුදයක් පමණක් බවය. කෙසේ නමුත් විදේශයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත්, එම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම ඕනෑම රටකට ඇති අයිතියක් යැයි ද ඉන්දීය රජය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

 



අදහස් (0)

ඉරානය සහ පාකිස්තානය අතර ගැටුම් ඇවිළේ

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 33 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 44 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 95 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 17 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 7 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 4 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1770 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site