අංජුල මහික වීරරත්න
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම 27 සහ 28 දෙදින ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග එළැඹුණු එකඟතා අනුව මෙම මාර්ගය ඉදිකිරීමේ සාකච්ඡා පැවැත්වෙයි.
ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා මුහුද ඔස්සේ මෙම ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට නියමිතය. වාහන ගමනාගමනයට අමතරව දුම්රිය මාර්ගයක් ද ඉදිකිරීමට සාකච්ඡා වී තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට සමගාමීව තලෙයිමන්නාරමේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා ඍජු ගමන් පහසුකම් සැලසෙන මාර්ග පද්ධතියක් ඉදිකිරීම ද මෙම ව්‍යාපෘතියට අයත් වන අතර, එහි පළමු මාර්ගය තලෙයිමන්නාරමේ සිට ත්‍රිකුණාමලයේ වරාය දක්වා ඉදි කෙරෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ කළ සාකච්ඡාවල දිගුවක් ලෙස සාගල රත්නායක මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය ප්‍රධානීන් හමුවීමට නියමිතව පවතී.
අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් ද කර ඇත. ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා දුර කිලෝමීටර් 23කි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දු - ලංකා ගොඩබිම් මාර්ගය ගැන කතා කරන්න සාගල ඉන්දියාවට