ෂේන් සෙනෙවිරත්න
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් අක්කර 28,802 ක් ඇතුළු වටිනා සම්පත් රැසක් ඉන්දියාවේ අමූල් සමාගමට කුණු කොල්ලයට වත්මන් රජය අලෙවි කිරීමට සූදානමි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක සහ කිරි කර්මාන්ත ගොවිබිම් සුරැකීමේ ජනතා සංවිධානයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.
තවත් මාස හයකින් බිහිවන මාලිමා රජයක් යටතේ එම ඉඩම් ඇතුළු සියලු දේපොළ නැවත පවරා ගැනීමට පියවර ගන්නා බව ද ඒ මහතා පවසයි.
ඒ මහතා එසේ පවසා සිටියේ එම ඉඩම් අලෙවියට එරෙහිව මහජන පෙත්සමකට අත්සන් ගැනීම සඳහා බ්‍රහස්පතින්දා (08දා) මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙරට පාලකයන්ට තුට්ටු දෙකක් අතමිට මොළවා එම සම්පත් මිලදී ගන්නා අමූල් සමාගමට අනතුරු අඟවා සිටින බවයි.
නාමල් කරණාරත්න මහතා ඒ බව අවධාරණය කර සිටියේ ජාතික ජන බලවේගයේ නායකයා ඇතුළු පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී අමූල් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වෙමින් සිටියදී වීම විශේෂත්වයකි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අනුර අමූල් බලද්දී නාමල් අමූල්ට එරෙහි සටනක