රටහාල් මහා පරිමාණල් හිමියන්ගේ අතේ

මුදිතා දයානන්ද
මහා පරිමාණ මෝල් හිමියන් විසින් රුපියල් 220 පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ ආණ්ඩුව ලබා දුන් බදු සහනය යටතේ සත විසිපහේ බද්දට ආනයනය කළ සහල් බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
එමගින් එම මෝල් හිමියන් අධික ලාභයක් උපයන බවට ගොවි සංගම් සහ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ චෝදනා කරති.
හිටපු වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන විසින් පසුගිය වසරේ නොවැම්බර් වල දී සහල් ආනයනික බද්ද සත 25 දක්වා අඩු කළේය. ඒ නොවැම්බරයේ සිට ඉදිරි මාස හයක් සඳහා බලපැවැත්වෙන පරිදිය.
ඒ අනුව පසුගිය නොවැම්බරයේ සිට මෙම වසරේ අප්‍රේල් දක්වා කාලය තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතරක් ආනයනය කර තිබේ.
මෙසේ ආනයනය කළ සහල් වලින් වැඩිම ප්‍රමාණයක් ආනයනය කර තිබෙන්නේ මහා පරිමාණ මෝල් හිමියකු විසින් බව ද දැනගන්නට තිබේ. ඔහු එසේ සහල් ආනයනය කරන ලද්දේ තමන්ගේ සමීපතම මෝල් හිමියකුගේ වුවමනාවට ඔහු හා ඇතිකරගත් එකඟතාවකට අනුව බව ද පැවසේ.
මෙම සහල් ආනයනය කර තිබෙන්නේ ඩොලරයේ අගය රුපියල් 203 සීමා වේ පැවති කාලයේ දී වන අතර එකල සහල් කිලෝවක ආනයනික මිල රුපියල් 90 කි.
ඒ අනුව රුපියල් 90.25 ක් වැය කර ලබාගත් සහල් රුපියල් 220ට විකුණා ඔවුන් අධික ලාභ ලබන බවට බොහෝ දෙනා චෝදනා කරති.
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
220 පාලන මිලට දෙන්නේ ශත 25 බද්දට රටින් ගෙනා හාල්