සුජිත් හේවාජුලිගේ
ඩොලර් හිඟයක් පවතින අවස්ථාවක විදේශයෙන් එළවළු සහ පලතුරු ගෙන්වීමට රජය ගිය වසරේදීත් (2023) රුපියල් කෝටි 12,966 ක් වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවක සඳහන් වේ.
එම වාර්තාවේ දැක්වෙන අන්දමට එළවළු ගෙන්වීමට ඊට කලින් වසරට සාපේක්ෂව පසුගිය වසරේදී රුපියල් කෝටි 1577 ක් වැඩිපුර වැය කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
පලතුරු ගෙන්වීමට රජය ගිය වසරේදී රුපියල් කෝටි 1,308 ක් වැය කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය. මේ අතර පාරිභෝජන භාණ්ඩ ආනයනයට පසුගිය වසරේදී රුපියල් කෝටි 99,321 ක පමණ මුදලක් වැය කර ඇතැයි පැවසූ මහාචාර්යවරයා එය පෙර වසරේ වියදමට වඩා රුපියල් කෝටි 12,095ක වැඩිවීමක් බව ද පෙන්වා දුන්නේය.
ආහාර සහ පාන වර්ග ආනයනයට පසුගිය වසරේදී රුපියල් කෝටි 55,166ක් ද අනෙකුත් පාරිභෝජන භාණ්ඩ ආනයනයට රුපියල් කෝටි 44,154ක්ද වැය කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර පසුගිය වසරේදී සීනි සහ රසකැවිලි ආනයනයට රුපියල් කෝටි 14,255ක් ද කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට රුපියල් කෝටි 8,862 ක් ද කුළුබඩු ආනයනයට රුපියල් කෝටි 4,373 ක් ද තෙල් සහ මේද ආනයනයට රුපියල් කෝටි 4,305 ක මුදලක් ද ධාන්‍ය සහ ඇඹරුම් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා රුපියල් කෝටි 3,849ක්ද වැය කර ඇති බව අතුකෝරළ මහතා කීවේය.
පසුගිය වසරේ දී මුළු ආනයන වියදම රුපියල් කෝටි 549,258 ක් බව පවසන මහාචාර්යවරයා ඉන් ඛනිජ තෙල් සහ ගල් අඟුරු ආනයනයට රුපියල් කෝටි 153,924ක් වැය කර ඇතැයි ද සඳහන් කළේය. එය මුළු ආනයන වියදමින් සියයට 28 ක් බව ද ඔහු පැවසුවේය.
මේ ද්‍රව්‍ය බොහොමයක් රටේ නිෂ්පාදනය කර රටේ අවශ්‍යතාව සපුරා ඉතිරිය විදේශයට අපනයනය කර විදේශ විනිමය සොයාගැනීමට හැකියාව තිබූ නමුත් එවැනි වැඩපිළිවෙළක් නැති බව නිරීක්ෂණය වූයේ යැයි වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
2023 දී කෝටි 13,000 ක එළවළු පලතුරු ගෙනැත්