IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සමාජ මාධ්‍ය තහනම් කරන බව මා දැන සිටියේ නෑ - විදුලි සංදේශ ඇමැති හරීන් ප්‍රනාන්දු

(කුමාරි හේරත්)  
විදුලි සංදේශ ඇමැතිවරයා ලෙස සමාජ මාධ්‍ය ජාලා තහනම තමන් දැන නොසිටි බව ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.  

සමාජ මාධ්‍ය වාරණය ආණ්ඩු විරෝධය පාලනය කිරීමට හේතුවක් නොවන අතර එවැනි හේතුවක් වේ නම් තමන් මේ ඇමැතිකමින් ඉල්ලා අස්වන බවද ඔහු කීය.  


මෙය ආණ්ඩු විරෝධී දෙයක් කියා කවුරුන් හෝ කියනවා නම් ඒක වැරදියි. සමහර අය හිතාගෙන ඉන්නේ මේක විදුලි සංදේශ අමාත්‍යවරයාගේ ගේමක් කියලයි. මෙය තහනම් කරන තෙක් මා දැන සිටියෙත් නැහැ. එය විදුලි සංදේශ නියාමන කොමිෂමේ තීරණයක්. මගේ නම තිබුණට කොමිෂම මගේ නෙවෙයි. මටත් කනස්සල්ලක් තිබෙන්න පුළුවන්. මමත් සමාජ ජාලවලට ඇබ්බැහි වෙච්ච මිනිහෙක්. ලක්ෂ දෙකකට වැඩිය ෆේස් බුක් සාමාජිකයෝ ඉන්නවා. රූපවාහිනියට කතා නොකර ෆේස් බුක් එක හරහා මගේ කතා ප්‍රකාශ කරන අවස්ථා තිබෙනවා. සමහර විට රූපවාහිනිය මගේ කතාව ගන්නෙත් ෆේස් බුක් එකෙන්. මම කවදාවත් ෆේස් බුක් එකට අකුල් හෙලන්නේ නෑ. ඒත් මම විශ්වාස කරනවා හරිදේ හරි වෙලාවට සිදුවිය යුතු බව. ෆේස් බුක් හරහා රට ගිනි ගත්තොත් ඊට වැරදි කාරයෙක් වෙන්න මට බෑ. පැය 72ක් තහනම් කළ වෙලාවේ ජනතාව ආණ්ඩුවත් එක්ක හිටියා.  

 



අදහස් (0)

සමාජ මාධ්‍ය තහනම් කරන බව මා දැන සිටියේ නෑ - විදුලි සංදේශ ඇමැති හරීන් ප්‍රනාන්දු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site