සුජිත් හේවාජුලිගේ
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මහල් නිවාස සහ වෙනත් ගොඩනැගිලි විකිණීමට සහ කුලියටදීමට නොහැකි වීම නිසා 10,000 කට ආසන්න පිරිසක් අන්ත අසරණ තත්වයට පත්ව සිටින අතර එම නිවාස සෑදීමට වැය කළ කෝටි ගණනක මුදලක් වතුරේ යන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ මෙරට ජනතාව මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් මහල් නිවාස මිලදී ගැනීම සියයට අසූවකින් පමණ අඩුවී ඇති බවයි.
විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සීමිත පිරිසක් පමණක් මහල් නිවාස මිලදී ගන්නා බවත් මේ තත්ත්වය යටතේ නිවාස සෑදීමට ගත් බැංකු ණය පියවා ගැනීමටද අද නොහැකිවී ඇති බවත් ඔවුහු ප්‍රකාශ කළහ.
මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ආයතන විසිපන්දහසක් පමණ ආර්ථික ගැටලු හේතුවෙන් පසුගිය වසර කිහිපයේදී වැසී යෑම නිසා එම ක්ෂේත්‍රය බරපතළ කඩාවැටීමකට ලක්ව ඇතැයි ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සෘජු රැකියාවල නියුතු හය ලක්ෂ පනස් දහසක් (650,000) හා වක්‍ර රැකියාවල නියුතු ආසන්න වශයෙන් හත් ලක්ෂයක පිරිසක් (700,000) ආර්ථික අර්බුදය හමුවේ එම ක්ෂේත්‍රය කඩා වැටීම හේතුවෙන් අනාථභාවයට පත්ව සිටින බව ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිස් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් රට හැර යාමේ ප්‍රවණතාවක්ද මතුව ඇතැයි එම සභාව සඳහන් කළේය.
මෙම ගැටලු වෙන වෙනම හඳුනාගෙන වෙන වෙනම ක්‍රියාත්මක නොවුණහොත් ඉංජිනේරු ක්ෂේත්‍රය විශාල වශයෙන් බිඳ වැටීම වැළැක්විය නොහැකි බවත් මේ තත්ත්වය වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
947
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුලියට දෙන්න ගෙවල් හැදූ දහදාහක් මහපාරට