පුපුරණ ද්‍රව්‍ය කිලෝ හාර ලක්ෂයක් ඉකුත් වසරේ ගෙනත්
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පුපුරණ ද්‍රව්‍ය කිලෝ හාර ලක්ෂයකට ආසන්න තොගයක් 2018 වසරේ දී මෙරටට ගෙන්වා ඇති බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියෙක් ඉරිදා ‘ලංකාදීප’යට පැවැසීය.
පුපුරණ ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රධාන පෙළේ මුස්ලිම් ව්‍යාපාරිකයන් තිදෙනකුට අනුමැතිය ලබා දී ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග කියයි.
ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ වරායට වාර්ෂිකව ගෙන්වන මෙම පුපුරණ ද්‍රව්‍ය තොග රජයේ ආරක්ෂක අංශයකට අයත් භූමියක සුරක්ෂිත ලෙස ගබඩා කර තබනු ලැබේ.
සංවර්ධන කටයුතු ගල්කොරි, ගිනිකෙළි කර්මාන්ත ශාලා හා ගිනි පෙට්ටි කර්මාන්තශාලා හිමි පුපුරණ ද්‍රව්‍ය මිලදී ගැනීමට බලපත්‍ර නිකුත් කර ඇති අයට නියමිත ප්‍රමාණය මිලදී ගැනීමේ හැකියාව ඇති බව එම ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියා කීය.
නියමිත ප්‍රමාණය ලබා ගැනීමට පෙර බලපත්‍ර ලාභියා ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් ඒ සඳහාද නිසි අවසරයක් ලබාගත යුතු බව ආරක්ෂක අංශ නිලධාරීහු පවසති.
මෙසේ ලබාගන්නා පුපුරණ ද්‍රව්‍ය ඇතුළු බලපත්‍ර ලාභි ව්‍යාපාරිකයන් ඒවායින් කොටසක් වැඩි මිල ගණන්වලට විකුණන බවට තොරතුරු ලැබී ඇතැයි බුද්ධි අංශ නිලධාරියෙක් කීය.
පසුගිය දිනවල රට පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී ඇතැම් ප්‍රදේශවල සඟවා තිබිය දී සොයා ගනු ලැබුවේ එවැනි පුපුරණ ද්‍රව්‍ය තොග බව වැටලීම් මෙහෙයවන උසස් පොලිස් නිලධාරිහු කිහිප දෙනෙක් පෙන්වා දුන්හ.
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2012
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුපුරණ ද්‍රව්‍ය ගේන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන් තුන්දෙනෙක්