IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ජනපතිගේ නිල නිවසේ කාර්යාලය ගලවයි

(අජන්ත කුමාර අගලකඩ)  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 17 වැනිදායින් පසුව සිය ධුරයෙන් විශ්‍රාම යන බැවින්, කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේ තිබූ කාර්යාලය මේ වනවිට ඉවත් කරමින් පවතින බව වාර්තා වේ.   


ජනාධිපතිවරයාගේ නිල සාකච්ඡා කටයුතු සඳහා ජනාධිපති නිල නිවසේ වෙනම සාකච්ඡා කාමරයක් පවත්වාගෙන ගිය අතර, එහි මේස, පුටු, ශබ්ද විකාශන යන්ත්‍ර සහ මයික්‍රෆෝන ආදිය ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැනටමත් ඉවත් කර තිබේ.  

ලබන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යන මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පක්ෂ මූලස්ථානයේ කටයුතු වෙනුවෙන් පූර්ණ කාලීනව කැපවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.  


මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නිල නිවෙස ලෙස දැනට භාවිත කරන මහගමසේකර මාවතේ නිල නිවෙස, විශ්‍රාම යාමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගිය සතියේ අනුමැතිය ලබා දුන්නේය.  


ඉකුත් 2015 ජනවාරි මස 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට නැවත තරග නොකරන බවට ප්‍රතිඥාවක්ද දුන්නේය.



අදහස් (0)

ජනපතිගේ නිල නිවසේ කාර්යාලය ගලවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 244 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 394 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site