IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘මන්ත්‍රී ගෙවල් වන්දියට’ බාලගිරි දෝෂය

නිලධාරීන් අඩු තක්සේරු වාර්තා දීලා 

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී චෝදනා

සුජිත් හේවාජුලිගේ   

අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස අහිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඒ වෙනුවෙන් වන්දි ලබා ගැනීම තක්සේරු දෙපාර්තමේන්තුවේ සහ හානිපූර්ණ කාර්යාලයේ ප්‍රමාදය නිසා තවදුරටත් කල් යනු ඇතැයි වාර්තා වේ.

අරගලයට සම්බන්ධවූ සහ ඊට ආශීර්වාද කළ මේ ආයතනවල ඇතැම් නිලධාරීන් මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට සිදුවූ හානි ද්වේශ සහගත ලෙස අඩුවෙන් තක්සේරු කර වාර්තා ලබාදීම නිසා ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා ගැනීමට බාධා මතුව ඇතැයිද දැනගන්නට ඇත.   


ඉහත සඳහන් කළ ආයතන වල ප්‍රමාදයන් නිසා මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම පමාවී ඇති බව මේ කටයුතුවලට සම්බන්ධ ආණ්ඩුවේ නිලධාරීහු ආණ්ඩුපක්ෂ රැස්වීමේදී පසුගියදා අනාවරණය කළහ.   


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන සභාපතිවරුන් ඇතුලු සියයකට ආසන්න පිරිසකගේ කෝටි ගණනක නිවාස ඇතුලු දේපළ පසුගිය වසරේ මැයි මාසයේදී සිදුවූ අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් විනාශයට පත්විය.   


දේපල අහිමි වූ මන්ත්‍රීවරුන්ට කොළඹ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී ඇතත් ඒවා ලබා දී ඇත්තේ වසරක කාලයකට පමණි. නිවාස අහිමි වූ ඇතැම් මන්ත්‍රීවරුන් ඥාති මිත්‍රයන්ගේ නිවෙස්වල තවමත් රැඳී සිටින බව දැනගන්නට ඇත.   


අහිමිවූ නිවාස වෙනුවෙන් තමන්ට තවමත් වන්දි ලැබී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට පසුගියදා පැමිණලි කළහ.

 

 



අදහස් (0)

‘මන්ත්‍රී ගෙවල් වන්දියට’ බාලගිරි දෝෂය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site