
අජන්ත කුමාර අගලකඩ
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග දහයක් විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇත.
ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් ලබන පළවැනිදා නිකුත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හාල්, සීනි, පරිප්පු, කිරිපිටි, වියළි මිරිස්, ලොකු ලූනු, හාල්මැස්සන්, අල ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් බැංකුව හරහා ණයවර ලිපි විවෘත කිරීමකින් තොරව ආනයනය කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙන අතර, ඒ සඳහා මුදල් ගෙවීම සැපයුම්කරු සහ ආනයනකරු අතර ඇති කරගන්නා එකඟතාව මත සිදු කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත.
මීට පෙරද මෙම ක්‍රමය ක්‍රියාත්මක වූ නමුත් ඉකුත් මැයි මස 8 වැනිදා සිට මහ බැංකුව විසින් එය තහනම් කරනු ලැබීය. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය මෙම තීරණය ගනු ඇතැයි ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්‍යවශ්‍ය ආහාර 10 ක් රටින් ගේන්න අවසර