හමුදාවේ අය හරිම නිහතමානී ලෙස පිළිගත්තා, ඒත් පොලිසිය අපට කතා කළේ අපරාධකරුවන් හැටියටයි
ජනප්‍රිය රංගන ශිල්පිනී
පියුමි හංසමාලි
- පරීක්ෂණවලින් අප හැමෝටම රෝගය වැළඳී නෑ කියා ඔප්පු වුණා
- මගේ බබා නැතිව එකතැනක මෙතරම් කාලයක් රැඳී සිටියාමයි
- ඉක්මනට මේ රටෙන් යනවා
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදයක් යැයි කියමින් ෂැංග්‍රිලා හෝටලයේ පැවැති අවස්ථාවට එක්වූ ශිල්පීන්, ශිල්පිනියන් අතර ඇයද එක් තැනැත්තියකි. නිතරම ආන්දෝලනාත්මක පුවත් මවන, සමාජ මාධ්‍ය ජාලවල නිතරම පෙනී සිටින ඇය වරෙක මෝස්තර නිරූපණ ශිල්පිනියකි. තවත් වරෙක දක්ෂ රංගන ශිල්පිනියකි. ඇයට මෙරට මෙන්ම ඉන්දියාවේ චිත්‍රපටවලද රඟපෑමේ වාසනාව උදාවිය. බොහෝ විට අසාධාරණය දුටු තැන ඉක්මනින් කිපෙන නිසා ඇය බොහෝ දෙනාගේ අවධානයට නිතරම පාත්රවෙයි.
ඇය නමින් පියුමි හංසමාලිය. එක්දරු මවක් වුවද ඇයගේ රුව බොහෝ දෙනා වශීකරන්නට සමත් වී තිබේ. ඒ නිසාවෙන්ම සමාජ මාධ්‍ය තුළ ඇය ගැන සෙවීමට බොහෝ දෙනා උත්සුක වෙති. ඇයත් චන්දිමාල් සමඟ අධිකරණයට ඉදිරිපත්වී ඇප ලබා, පසුව නිරෝධායනය සඳහා බණ්ඩාරවෙලට ගිය තවත් එක් කලා ශිල්පිනියකි. ඒ යන අතරතුරේ ඇය දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් කළ වීඩියෝව ලොව පුරා ලක්ෂ ගණනින් නරඹා ඇත. එය කොතරම් ජනප්‍රිය වූවාද යන්න පසුගිය 12 වැනි දින ජාත්‍යන්තර සඟරාවක් වන ‘ද ඉකොමින්ස්ට්’ සඟරාවේ පවා ඇය ගැන පිටු දෙකක් පුරා සටහන් කර තිබුණි.
පියුමි මෙතරම් ආවේගශීලී වූයේ ඇයි? ඇය ගැන විවිධ කටකතා පැතිරුණේ කොහොමද? මේ සියල්ලට පිළිතුරු ලබාගැනීමේ අටියෙන් බණ්ඩාරවෙල නිරෝධායනය වෙමින් සිටි මේ රුවැති නිරූපිකාවගෙන් තොරතුරු විමසුවෙමි. කිසිදු මාධ්‍යයකට පිළිතුරු නොදෙන බව කීවද ඇය අප කෙරෙහි තැබූ විශ්වාසය නිසා කතාබහ කිරීමට එකඟ විය.
මෙතැන් සිට දිග හැරෙන්නේ ඇයත් සමග කළ සාකච්ඡාවේ සටහනයි.
• පියුමි ඇත්තටම එදා මොකද වුණේ?
ඇත්තටම යහම්පත්, මම කිසිම පුවත්පතකට, ටී.වී., රේඩියෝ වැඩසටහන්වලට ඉන්ටර්වීව් එකක් දෙන්නේ නෑ කියලයි හිතාගෙන ඉන්නේ. මොකද ලංකාවේ මිනිස්සු මේවා කතාකරනවාට වැඩිය, කතාකරන්න ඕනෑ දේවල් තිබෙනවා. මුළු ලංකාවම දන්නවා අපට අසාධාරණයක් වුණේ කියලා. එදා සිදුවූ දේවල් දැන් හැමෝම දන්නවා. ඒවා යළිත් මතක් කරලා දෙන්න ඕනෑ නැහැ.
• ඔයා ලොකු පීඩනයක ඉන්න බවයි මට නම් පේන්නේ. ඇත්තටම ඔයාට සිදුවූ මේ අසාධාරණය ගැන මොකද අද දවසේදී හිතෙන්නේ?
කෙටියෙන්ම කිව්වොත් පියුමි හංසමාලි කියන්නේ හරිම විනෝදයෙන් කාලය ගෙවන කෙනෙක්, මොන තරම් ප්‍රශ්න තිබුණත් මේකත් මගේ යාළුවෝ එක්ක පැමිණි ගමනක් වගෙයි. එකම දේ මගේ බබා නැති එකයි. ජීවිතේ පළමු වතාවට දරුවා නැතුව මෙතරම් කාලයක් එක තැනක හිටියාමයි. මොකද මම පිටරටවල්වලත් සංචාරය කළ කෙනෙක්. ඒ ඉන්නෙත් වැඩිම වුණොත් සතියයි. ඒත් අසාධාරණයෙන් කරපු මේ දේ හින්දා දවසේ 14 ක් මෙහෙ ඉන්න වුණා. අපේ පී.සී.ආර්. පරීක්ෂණ කළා. ඒ සියල්ලේම ප්‍රතිඵල ලැබුණා, අපි සියලු දෙනාම නෙගටිව් බවට. අපි කාටවත් කොරෝනා රෝගය වැළඳිලා නෑ. මම කිසිම පුවත්පතකට සාකච්ඡාවක් දුන්නේ නෑ. ඔයාලට විතරයි මම මේ කථා කරන්නේ. ටී.වී., රේඩියෝ හැම එකකින්ම වගේ කතා කළා. ඒත් මම කිව්වේ දෙන්නේ නෑ කියලා. මොකටද දෙන්නේ? ලංකාවම දන්නවා
අපේ රටේ මිනිස්සු කන්න බොන්න නැතුව ඉන්නවා. ඒ අස්සේ අපේ ඒවා දාගෙන ආපහු නාලිකා කාරයෝ දඟලයි. බොරුවට අපිව දාලා, රටේ වෙන වෙන දේවල් යටගහන එක තමයි සිද්ධවෙන්නේ.
• පුද්ගලික තරහ මරහද මේ සමහරු ඔයාගෙන් පිටකරන්නේ?
ඇත්තෙන්ම හරිම දුකයි මිනිස්සු ගැන. අපි හොඳින් සතුටින් ඉන්න එක සමහරුන්ට දරාගන්න බැරිව ඇති.
• නිරෝධායනය වෙන කාලයේදී ඔයාට ඇතිවුණු හැඟීම් කොහොමද?
සාමාන්‍යයෙන් සුපුරුදු විදිහට ගෙදර හිටියා වගේම හිටියා. බබාගේ වැඩ කටයුතු විතරයි මට කරන්න බැරිවුණේ. අපි හරිම පීඩනයකින් තමයි මෙහාට ආවේ. අපට අසාධාරණයක් වුණා. ඒ අසාධාරණයට මම කෑගැහුවා හැරෙන්න මෙහෙට ආවට පස්සේ, මෙහෙ භාරව ඉන්න හමුදාවේ අය හරිම නිහතමානී ලෙස අපව පිළිගත්තා. පොලිසියේදී අපට අපරාධකරුවන් විදිහට සලකලයි කතාකළේ. කැගහලා ප්‍රශ්න කළේ. මම අර විදිහට කෑගහන්නත් හේතු තිබුණා.
• මොනවද ඒ හේතු?
අපිට අධිකරණයෙන් එන්න කියලා, එතනදී ඇප හම්බවෙලා මම ගෙදරත් ගිහින් බබා එක්ක සෙල්ලම් කර කර ඉද්දී යළි මට එන්න කියලා නිරෝධායනයට එක්කන් ගියා. ඒකට තමයි එදා මා කෑගැහුවේ. ඇඳුම් ප්‍රශ්නයක් බොරුවට මඩ ගහන්න යොදාගත්තා. මේවා කොයිතරම් කැත වැඩද? අපිව වෙන වෙන අයගේ ලකුණු දාන්න, මඩ ගහන්න මෙතනදී පාවිච්චි කළා කියලයි මට නම් හිතෙන්නේ. ඒ අසාධාරණයටයි එදා මම ආවේගයෙන් කතා කළේ.
ඒ ආවේගයෙන්, ලොකු මානසික පීඩනයකින් බණ්ඩාරවෙල නිරෝධායන කඳවුරට ආවේ. මෙහෙට ආවාට පස්සේ හරිම නිහතමානීව හමුදාවේ උසස් නිලධාරීන්ගේ සිට පහළ ශ්‍රේණි දක්වා අය අපට හැම දෙයකින්ම සංග්‍රහ කළා. කෑම බීම වෙලාවට දුන්නා. දුක, සැප හැම දෙයක්ම සොයා බැලුවා. හරියට ට්‍රිප් එකක් ආවා වගේ දැනුණේ. ඇතුළට වෙලා ඉන්නවා. දුකට තිබෙන්නේ බබා නැති එක විතරයි.
• මෙහෙම ඉඳිද්දී ඔයාට මොකද සිතෙන්නේ හැම දෙයක් ගැනම?
ජීවිතේ පළමු වතාවට මෙවැනි තත්වයකට මම මුහුණ දුන්නේ. ගෙදර හිටියොත් මට වැඩ තිබෙනවා. මෙහේ හරි නිස්කලංකයි. මෙය එක්තරා හැරවුම් ලක්ෂයක් ජීවිතේ ඉස්සරහට යන්න. මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී බොරුවට අපිව මෙහෙම එක තැනකට ගාල් කළා. ඒක ලංකාවම දැක්කා. ටී.වී. නාලිකාවලින් ඒ හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පෙන්නුවේ හරියට අර සහරාන්ගේ ප්‍රහාරයදා ෂැංග්‍රිලා එකට බෝම්බකරුවන් ගිය විදිහටයි. ලංකාවේ මිනිස්සු මෝඩ නෑ. මේ වෙනදේවල් යට ගහන්න මේක උඩට ඇදලා ගත්තා. අපිව පාවිච්චිකළා. හරියට චන්දිමාල්ගේ කාමරයේ මිනීමැරුමක්, වෙන මොනවා හරි භයානක දෙයක් සිද්ධවුණා වගේ ඒ සී.සී.ටී.වී. දර්ශන පෙන්නුවේ. ලංකාවෙ මිනිස්සු හැම පාරම රැවටෙනවා. මේ පාරත් රැවැට්ටුවා හා සමානයි. ගොඩක් දේවල් යටගහන්න අපිව ඉත්තන් විදියට පාවිච්චි කළා.
• ඒ හින්දා නේද ජාත්‍යන්තර සඟරාවක් පවා එයා ගැන සඳහන් කරලා නැවේ සිද්ධිය යටපත් වුණා කියලා තිබ්බේ?
ඇත්තෙන්ම ඔව්. ජාත්‍යන්තර සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව දාලා තිබුණා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය ලංකාවේ මොඩ්ල් කෙනෙක්ගෙන් වැහිලා ගියා කියලා. එය අන්තර්ජාලයෙත් සඳහන් වෙලා තිබුණා. ‘ද ඉකොනොමිස්ට්’ අන්තර්ජාල සංස්කරණයත් ලෝකයේ පුරාම අය බලන එකක්. අන්තිමට නැවක් ගැන කතාකරන එක යටවුණා, පියුමි හංසමාලි කියන මොඩ්ල් හින්දා. හරිම අසාධාරණයි මේ වුණුදේ. නිරෝධායනය වෙලා සුපුරුදු පරිදි ගෙදර ගිහිල්ලා අපේ ගමන යළි අරඹනවා. මට එළියට ගියා කියලා ප්‍රශ්නයක් නෑ. වෙනදා හිටිය පියුමි හංසමාලිම තමයි. පියුමි කවදාවත් වෛර කරන කෙනෙක් නොවෙයි. බැහැයි අසාධාරණයට කට වහගෙන ඉන්න බැරිකෙනෙක්.
• ඔයා අනෙක් අය වෙනුවෙන් නිතරම අසාධාරණයට එරෙහිව කතාකරන කෙනෙක්. ඒ නිසා තමයි මෙතැනදී ඔයාට වැඩියෙන් පහර ගහන්න හැදුවේ?
ඔව්. ඒක තමයි සිදුවුණේ. අපි නීතියට බාධා කළේනෑ. අපට අසාධාරණයක් වුණා. අපි නිරෝධායනය වෙලා දැන් යළිත් ගෙවල්වලට යනවා. පොලිසියෙන් එදා අපට එන්න කියූ වෙලාවෙදිත් එයට ගරු කරමින් එක කෝල් එකටත් අපි ගියා. පොලිසියේ එන්න කියලා කෝල් එක දුන්න ගමන් ගියා. එන්න බැහැ කියලා මගහැරියේ නෑ. හැමදේම නීතියට ගරු කරමින් කරලා අපට අසාධාරණයක් සිදුවුණා. කමක් නෑ. තිබුණු තරහව දැන් නෑ. ඕවා ගැන දිගින් දිගටම යළි හාරා අවුස්සන්න මම කැමැති නෑ.
• ඔයාගේ දරුවා මේ කාලයේදී කොහොමද ඔබත් සමග ගනුදෙනු කළේ?
එයා හරිම දුකෙන් හිටියේ. සමහර දවස්වල හරියට දුකෙන් ඉඳලා මහ හයියෙන් කෝල් කරලා ඇඬුවා. එයා මගේ අම්මාත් එක්ක ඉන්නේ. හැමදාම අහනවා කවද්ද එන්නේ කියලා. හරිම දුකක්, කනගාටුවක් ඇතිවෙනවා එහෙම අහද්දී. මෙහෙම මම කවදාවත් මෙතරම් කාලයක් එයාව තනිකරලා ඉඳලා නෑ.
• පියුමි මේ සිදුවීමත් එක්ක ඔයාගේ රසික රසිකාවියන්ට, රටට කියන්න තිබෙන්නේ මොකක්ද?
මගේ රසික රසිකාවියන්ට මට ආදරය කරන අයට කියන්න තිබෙන්නේ මාත් එදා වගේම ඔයාලට ආදරෙයි කියලයි. මගේ රසික රසිකාවියෝ දන්නවා, මම කෙටි සීමා මායිම්වලට යටවෙලා ජීවත්වෙන්නේ නැති ගතවෙන හැම තත්පරයකදීම හිනාවෙලා සතුටින් ඉන්න ගැහැනියක් කියලා. මගේ ජීවිතේ මම හොඳට විඳිනවා. මම විඳින ජීවිතය බලා ගෙන බිත්ති අතරට කොටුවෙලා ඉන්න කාන්තාවෝ මට මඩ ගහනවා. ඒකට කමක් නෑ. මම විඳින ජීවිතය ඒගොල්ලන්ට බලාගෙන ඒක විඳින්න ලැබෙන්නේ නැති නිසා මට ගොඩාක් මඩ ගහලා කමෙන්ට්ස් දානවා. මම ඒවා ගණන් ගන්නේ නෑ. මට ඒවා වැඩක් නෑ. මගේ රසික රසිකාවියන්ට හොඳ මොළයක් තිබෙනවා. මේක කිසිම වැඩකට නැති වැඩක්. තේරුමක් නැති ලොකු ජෝක් එකක් මේක. ඒක තේරුම් ගැනීම ඔවුන්ට භාර කරනවා.
• ඔයා මේ සිදුවීමෙන් පසු අපේ රටත් අතහැරලා යයි කියලත් මට හිතෙනවා. එහෙම අදහසක් තිබෙනවාද?
කොහොමටත් මම අවුරුදු දෙකක ඉඳලා ප්ලෑන් කරලා තිබෙනවා රට යන්න. මොකද මගේ බබාට අවුරුදු 10 යි. එයාගේ අධ්‍යාපන කටයුතුවලට කොහොමටත් රට යන්න තමයි ඉන්නේ. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් බොහෝ දුරට මම ලංකාවෙන් යනවා. මොකද මට මේ වෙච්ච දේවල් එක්ක මගෛ් ජීවිතේ ගැන කලකිරිලා තිබෙන්නේ. මේ මගේ රට මම ඉපදුණු දා සිට ජීවත්වූ රට. ඒත් හරිම කලකිරීමක් තිබෙනවා මේ අසාධාරණයට මාව ලක්කිරීම ගැන. කොහොමත් මට ඉක්මනටම ඕණේ මේ රටෙන් යන්න. මොකද මගේ දැන් ජීවිතේ ‘ටාගට්’ නෑ. මම ජීවිතේ ආසකරපු දේවල් හැම එකකටම මම ගිහින් තිබෙනවා. එකම බලාපොරොත්තුව තිබෙන්නේ මගේ බබාගේ අධ්‍යාපන කටයුතු විතරයි. එයාට උගන්වන්න ඉක්මනට රට යන්නයි ඕනේ. තව ටිකක් කල් තිබ්බා. ඒත් මේ ප්රශ්නය හින්දා ඉක්මනට මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් යන්න තමයි මට ඕනෑ කරන්නේ.
• මේ වෙලාවෙදි ඔයාගේ හිත මිතුරන්, කලා කරුවන්ගෙන ඔයාට ලැබුණු සහයෝගය කොහොමද?
මෙහෙමයි, පියුමි හංසමාලිට ගොඩාක් යාළුවෝ ඉන්නවා. මම උදවු කරපු. හැබැයි මේ දින 14 දී තමයි මට කවුද හරි යාළුවෝ කියලා පෙන්නලා දුන්නේ. ඒක මගේ ජීවිතේට ලැබුණු ලොකුම චාන්ස් එකක්. අවංකවම මට උදව්කරන්න හිටියේ යාළුවෝ දහදෙනෙක් විතරයි. ගොඩාක් අය අවස්ථාවාදියි. තමන්ගේ වුවමනාවට උදව් ගත්තට පස්සේ ඒ අයට අපිව මතක නෑ. අපි පාරේ ඉන්න සතකුට කන්න දෙන්න. ඌ දිගටම නැට්ට වනාගෙන එනවා. ඒත් මිනිස්සු කියන අය හරිම භයානකයි. උදව් කළත් කිසිම කෙළෙහි ගුණයක් නෑ.
මම දැනගන්න ඕනේ ඒ අනුව හැඩ ගැසෙන්න. ගොඩාක් යාළුවෝ ඔනෙ නෑ. ජීවිතේ ගෙනියන්න හොඳ යාළුවෝ 4-5 දෙනෙක් ඇති. දැන් මම ආසයි තනියෙන් ඉන්න. තනියෙන් ඉන්න එක ගොඩාක් හොඳයි. මෙහිදී මම ගොඩාක් දේවල් ජීවිතය ගැන ඉගෙන ගත්තා. ඒකයි මම කිව්වේ මේක මගේ ජීවිතේ ‘ටර්නිං පොයින්ට්’ කියලා.
කතාබහ කළේ :
සමන්ත යහම්පත්
COMMENTS
බය වෙන්න එපා පොලීසිය බාර ඇමතිතුමා ඔයාට නරක විදියට කතා කරපු පොලිස් නිළදාරීන්ට දඬුවම් දෙයි.
කරුණු කාරණා සාධාරණ ලෙස ඉදිරිපත් කළ ලිපියක්. ඒ වගේම මධ්‍යස්ථ මතයක පිහිටා කරනා ලද හොඳ වැඩක්. සත්‍ය වශයෙන්ම, මේ රටේ බොහෝ මාධ්‍ය සාකච්ඡා වලදී තමන් කඩේ යන පාර්ශවය ඉහළ දමා ඇතැම් දෙනා සුළු සුළු හේතු මහා ඉහළින් පෙන්නා ජනතාවගේ ආවේග හා හැඟීම් ඇතිවෙන සේ හැසිරෙන ආකාරය වර්තමානයේ දී දැකිය හැකි දෙයක්. එය සැබෑ සන්නිවේදකයාගේ කාර්යය නොවේ. විද්‍යුත් මාධ්‍යයේ H ආකෘතිය අනුව එම මාධ්‍යයෙන් හිසට නිවැරදි දැනීමක්, හදවතට පහන් වින්දනයක්, දෑතට හැකියාවක් ලැබීය යුතු වුවද, එය එසේ වෙනවාදැයි සැකයක් මතුවේ. තමන් සේවය කරන චැනලයේ පටු අරමුණු සාර්ථක කරගැනීමේ අරමුණින් අන් අය තලාපෙලා කටයුතු කිරීම සැබෑ මාධ්‍යයක යුතුකම නොවේ. ආවේගශීලී භාෂා ශෛලිය හා නිර්දය විවේචනය නොහොත්, අනුකම්පා විරහිත විවේචනය හොඳ මාධ්‍ය කරුවන්ගේ පිළිවෙත නොවේ. හොඳ මාධ්‍යකරුවා යනු සමාජය යහපත් කරන්නෙකි. ඔහු නිල නොලත් රජෙකි. ඒ වගේම ඔහු තම මාධ්‍යය සමබරව පවත්වාගෙන අනුකම්පා සහගතව මෙහෙයවන්නෙකි. එමෙන්ම තම සතුරා මිතුරා යන දෙදෙනාම දෙස සාධාරණ මධ්‍යස්ථ දෘෂ්ඨියකින් බලන්නෙකි. මරණින් මතු වුවද, ඒ වැනි මාධ්‍ය කරුවන් ජනතා පිදීමකට ලක්වේ.
මේවා නම් ප්‍රමෝට් කරන්න එපා.. මේ වගේ වසංගත රටෙන් යන එකමයි හොඳ...
මේවා තමයි ලංකාවේ වැදගත් ප්රවෘත්ති.. ඉතින් කොහොමද ලංකාව දියුණු වෙන්නේ?
හොඳ වෙලාවට නේද අර සරත් ඔයාගේ ඇඳුම් ටික ගෙනැල්ලා දුන්නේ...
අයියෝ බබාට උගන්වන්න රට යන අම්මලා... එ්කෙන්ම තේරෙනවා මොනවගේ චරිතයක්ද කියලා...?
කොතරම් හොඳ දරුවෙක් වුණත් රටේ දරු පැටවුන් වගේ පවතින වටිනා සංස්කෘතිය හැසිරීම් (ක්‍රියාවන්) තුළින් යමකු හානියට පත්කරයි නම් එය පාපකාරී ක්‍රියාවකි...
මීට වඩා හොඳ නැද්ද රටේ අැත්ත තත්වය ජනතාවට පැහැදිලි කරලා දුන්නා නම්... රටේ මොනවා හරි අඩු පාඩු තියනවා නම් ඒවා ලියන්න. එතකොට රටේ නායකයාට පුලුවන් ඒවා බලලා අාණ්ඩුවට එන චෝදනා මොනවද කියලා හරියට තේරුම් ගෙන රට නිවැරදි මගට ගෙනියන්න. දැන් රට වැටිලා තියන දේවල් ගැන කතාකරලා බලලා ඒවා ලියනවා මිසක් මොනවද මේ ලියන්නේ?
ඕවාද ලංකාවේ දැවෙන ප්‍රශ්න? ප්‍රංශයට නම් එන්න එපා...
අනේ යන්න එපා ප්ලීස් කියලා රටේ ජනතාව හා එයාගේ පාරිභෝගිකයින් එයාව නවත්තයි කියලා හිතාගෙන ඇති. පව්...!!!
මේ වගේ අය ප්‍රමෝට් කරන්න එපා.
මේකී රටෙන් යනවා නම් අර කොරෝනාවලට එකතුකරපු අරමුදල හරි දිලා ඉක්මනට යන්න කියන්න...
සර්ව පිත්තල පුහු ජීවිත... රටම අමාරුවේ වැටිලා ඉන්න මොහොතක තරු 05 හෝටල්වල උපන්දින සාද පවත්වන මෙවැනි පුද්ගලයන්ට සිර දඬුවම් ලබාදිය යුතුය.
ඊළඟ ආණ්ඩුවේ ලැයිස්තුවට නම දාගන්න බැරි වෙයිද?
ඊළඟ පාර ඡන්දෙ ඉල්ලන්න...
බල්ලොත් එක්ක නිදිය ගත්තොත් මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ
මේ වගේ අයගෙන් ඉන්ටව් කරන්න එපා
රන්ජන්ගේ ආශිර්වාදය මත දේශපාලනයට එන්න තියෙන්නේ...
හැරවුම් ලක්ෂය... නව ඇරඹුමක්ම වේවා පියුමි... දරුවගේ අධ්‍යාපනය හිතන අයුරින්ම ඉෂ්ඨ වේවා!!!... තෙරුවන් සරණයි...
"ලංකාවේ මිනිස්සු මෝඩ නෑ." "ලංකාවෙ මිනිස්සු හැම පාරම රැවටෙනවා."