උපුල් වික්‍රමසිංහ
සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යනුකූල බවට ඉකුත් සිකුරාදා (09දා) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග ඔවුන්ට තමන් දැරූ අමාත්‍ය ධුරවලින් හා මන්ත්‍රී ධුරවලින් ද ඉවත් වීමට සිදු විය.
ඒ අනුව මනූෂ නානායක්කාර වෙනුවට ඔහුට පසුව එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගත් බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තුවට පත් වීමට නියමිත අතර හරීන් ප්‍රනාන්දු වෙනුවට පත් කරන්නේ කවුද යන්න ඉකුත් සිකුරාදා සවස වන විටත් සමගි ජන බලවේගය තීරණය කර නොතිබිණි. එම මන්ත්‍රී ධුරයට හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නම යෝජනා වී ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.
2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත් වී රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීම නිසා ඔවුන් දෙදෙනා පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය තීරණය කළ අතර පක්ෂයේ එම තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනා ගොනු කළ පෙත්සමට අදාළ තීරණය ලබා දෙමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පක්ෂයේ තීරණය නීත්‍යනුකූල බව දැනුම් දුන්නේය.
2025 නොවැම්බර් මස 04
653
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හරීන්ට සහ මනුෂට මන්ත්‍රී ධුර අහිමි වෙයි පක්ෂ තහනම නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි