IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හයර් යන ත්‍රීරෝද රථවලින් 25% කට මීටර් නෑ

ඉන්දික හේවාවිතාරණ

මගී ත්‍රිරෝද රථවලට ගාස්තු මීටරයක් සවිකළ යුතු බවට නීතිය පනවා වසර 06ක් ගතවී තිබුණත් මගී ප්‍රවාහනයේ නිරත ත්‍රිරෝද රථවලින් 25% ක වත් ගාස්තු මීටර් සවිකර නොමැති බව  සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.

2017 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම නීතිය පැනවුවත් මෙතෙක් ගාස්තු මීටරය සවි නොකර මගී ප්‍රවාහන කටයුතුවල නිරතවෙන ත්‍රිරෝද රථවලට නීතිය ක්‍රියාත්මක නොවෙන බවද එම සමිතියේ  සභාපති ලලිත් ධර්මසේකර  මහතා සඳහන් කළේය.


නීතිය ක්‍රියාත්මක නොවීම නිසා, ගාස්තු මීටර් සවිකිරීමට ත්‍රිරෝද රථ හිමි බොහෝ දෙනෙක් ඊට උනන්දුවක් නොදක්වන බවද ඔහු පෙන්වා දෙයි. ආසන්න වශයෙන් ත්‍රිරෝද ලක්ෂ අටක් 08ක් පමණ මගී ප්‍රවාහන සේවාවල නිරතවෙන බවත්, ගාස්තු මීටර් සවිකර තිබෙන්නේ ත්‍රිරෝද රථ ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් බවට සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දී තිබෙන බවත් ධර්මසේකර මහතා පවසා සිටියේය


ගාස්තු  මීටර් නොමැති ත්‍රිරෝද රථවල ගමන් කරන ජනතාවට රියදුරු පවසන මුදල ගෙවා අදාළ ගමන් බිමන් යාමට සිදුව තිබෙන බවත්, ත්‍රිරෝද රථ නියාමනයක් නොවෙන නිසා ගාස්තු මීටරය සවිකරගෙන සිටින පිරිස්වලින් පවා යම් පිරිසක් තමන්ගේ අභිමතය අනුව ගාස්තු මීටර වෙනස් කරගෙන මගී ජනතාව සුරාකෑමකට ලක්කරමින් සිටින බවද  සඳහන් කළේය. ත්‍රිරෝද රථ නියාමනය කිරීම සඳහා මගී ප්‍රවාහන කටයුතුවල නිරතවෙන ත්‍රිරෝද ලියා පදිංචි කිරීම ආරම්භ කිරීමට මුලින්ම කතා බහක් ඇතිවූයේ 2003 වසරේදී බවත් මෙම ක්‍රමය යටතේ මුලින්ම බස්නාහිර පළාත තුළ ධාවනය වෙන ත්‍රිරෝද ලියා පදිංචි කිරීමට සැලසුම් කළ බවත් සඳහන් කරන  ධර්මසේකර මහතා, ඉන් පසුව අනෙකුත් පළාත්වල මෙම ක්‍රමය සිදුකිරීමට සැලසුම් කළ බවද පවසා සිටියේය.
එහෙත් වසර විස්සක කාලයක් ගත වී තිබුණත් තවමත් බස්නාහිර පළාත තුළ ධාවනය වෙන ත්‍රිරෝද රථ ලියා පදිංචි කර නියාමනය කිරීමේ වැඩපිළිවෙළ අවසන්කර ගැනීමට නොහැකි වී තිබෙන බවද සඳහන් කළේය.


මේ නිසා අනෙකුත් පළාත් තුළ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික වැඩපිළිවෙළවත් සකස් කර ගැනීමට නොහැකි වූ බවත් බස්නාහිර පළාත තුළ මූලික කටයුතු සිදුකර තිබෙන බවද පවසා සිටියේය


ගාස්තු නියාමනයක් නොමැති නිසා සමහර ප්‍රදේශවල කිලෝමීටරයක දුරක් ගමන් කිරීමට රුපියල් දෙසීයකට ආසන්න මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත්, ගාස්තු මීටරය තිබෙන පිරිස් පවා පළමු කිලෝමීටරයට රුපියල් 120 ක් හා දෙවැනි කිලෝමීටරයට හා එතැන් සිට රුපියල් 100 බැගින් අයකරන බවද සඳහන් කළේය.
මීට අමතරව, ජංගම දුරකතන භාවිතා කරමින්  යම් යම් පිරිස් ගාස්තු අයකිරීම සිදුකරන බවත්, මෙම ක්‍රමය තුළින් මගීන්ට ගාස්තුව නිසි ලෙස බලා ගැනීමට නොහැකිවීම නිසා මගී ජනතාව අපහසුතාවයන්ට පත්වෙන බවද පවසා සිටියේය.


මේ නිසා පළාත් වශයෙන් යම් ක්‍රමවේදයන් භාවිතා කරමින් ගාස්තු මීටරය සවිකිරීමට කඩිනමින් වැඩපිළිවෙළක් සකස්කර මගී ජනතාව ආරක්ෂා කළ යුතු බවද සඳහන් කළේය.

 



අදහස් (0)

හයර් යන ත්‍රීරෝද රථවලින් 25% කට මීටර් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site