IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සැම පුද්ගලයෙක්ම උපයන ආදායමට වඩා ණයයි මහාචාර්ය වසන්ත අතුකෝරල

උපුල් වික්‍රමසිංහ
වසර 2021 සිට 2023 දක්වා ගත වූ අවුරුදු තුනක කාලයේදී ඒක පුද්ගල ණය ප්‍රමාණය, ඒක පුද්ගල ආදායම් මට්ටම ඉක්මවා ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

2023 දී ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් දහ තුන් ලක්ෂ දෙදාස් එකසිය හැත්තෑ එකක් (1,302,171) වූ බවද ඊට සාපේක්ෂව ඒක පුද්ගල ආදායම රුපියල් දොළොස් ලක්ෂ පනස් තුන් දහස් හත් සියය අසූ පහක් (1,253,785) ක් වූ බවද මහාචාර්යවරයා කීවේය.
පළමු වරට 2021 වසරේ දී ලංකාවේ ඒකපුද්ගල ණය ප්‍රමාණය, ඒකපුද්ගල ආදායම ඉක්මවා ඇත. ඒ අනුව, 2021 දී ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 795,007 ක් ලෙසත් ඒකපුද්ගල ආදායම රුපියල් 794,926 ක් ලෙසත් මහ බැංකුවේ දත්තවල සටහන් වී තිබිණැයි කී මහාචාර්යවරයා 2020 න් පසු 2023 අවසානය දක්වා ඒකපුද්ගල ණයවල වර්ධනය සියයට 89 ක් පමණ වූ බව ද ප්‍රකාශ කළේ ය.
වර්ෂ 2022 ​ෙවන විට ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 1,239,441 ක් වූ බවත්, ඒකපුද්ගල ආදායම රුපියල් 1,084,882 ක් වශයෙන් දැක්වුණු බවත් කී හෙතෙම 2024 සැප්තැම්බර් දක්වා කාලයේ දී ඒකපුද්ගල ආදායම රුපියල් දහතුන් ලක්ෂ තුන්දහස් අට සියය විසි හයක් වශයෙන් සඳහන් වන බවත්, ඒක පුද්ගල ආදායම මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කළේ ය.
2023 දී හතර දෙනකුගෙන් යුත් පවුලක ණය ප්‍රමාණය ලක්ෂ 52 කට ආසන්න බව ද එක් පවුලක ආදායම රුපියල් පනස් ලක්ෂ පහළොස් දහස් එකසිය හතළිහක් වෙන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

 



අදහස් (0)

සැම පුද්ගලයෙක්ම උපයන ආදායමට වඩා ණයයි මහාචාර්ය වසන්ත අතුකෝරල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site