IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වැස්සෙන් කෘෂිකර්මයට කෝටි 8500 ක පාඩුවක්

  • - මහාචාර්ය වසන්ත අතුකෝරළගෙන් අනාවරණයක්

උපුල් වික්‍රමසිංහ
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ ගොවි බිම් ජලයෙන් යටවීම නිසා සිදු වූ සමස්ත පාඩුව රුපියල් කෝටි 8,500 කට ආසන්න බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය. 

මහ කන්නය සඳහා අක්කර විසි එක් ලක්ෂ තිස් හත් දහසකට ආසන්න භූමි ප්‍රමාණයක වී වගා කරන බව කී මහාචාර්යවරයා ගංවතුර නිසා විනාශ වූ ගොවි බිම් ප්‍රමාණය මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැතත් අක්කර 340,000 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇතැයි අනුමාන කළ හැකි බවත් එය මහ කන්නයේ සමස්ත ගොවි බිම් ප්‍රමාණයෙන් සියයට 15.8 ක් බවත් සඳහන් කළේය.
මේ බලපෑම මත එළැඹෙන මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 477,000 කින් පමණ පහළ යා හැකි බව ද එම ප්‍රමාණය සහල් බවට පරිවර්තනය කළහොත් එය මෙට්‍රික් ටොන් 324,500 කට ආසන්න ප්‍රමාණයක් බව ද එසේ අහිමි වන සහල් ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් කෝටි 7,137 ක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි ලබා දුන හොත් ඒ සඳහා වැය වන මුළු මුදල කෝටි 1,352 ක් බවත් අහිමි වන සහල් ප්‍රමාණයෙහි වටිනාකම සහ වන්දි මුදලෙහි එකතුව රුපියල් කෝටි 8,489 ක් පමණ වන බවත් ඔහු කීවේය. මේසා පාඩුවක් රටට සිදු වූයේ ඇළ වේලි හා වැව් නිසි පරිදි ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා බව සිහිපත් කළ ඔහු ආණ්ඩුව ඊළඟ අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කර ඒවා පිළිසකර කළ යුතු බව ද පැවසීය.



අදහස් (0)

වැස්සෙන් කෘෂිකර්මයට කෝටි 8500 ක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site