IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වත්කම් බැරකම් ප්‍රකාශ බාර දුන් දේශපාලකයන්ගේ නම් අල්ලස් කොමිසමේ වෙබ් අඩවියෙන්

අංජුල මහික වීරරත්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රසිද්ධ කොට ඇත. වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නව පනත අනුව මෙලෙස සියලු‍ මහජන නියෝජිතයන්, මාණ්ඩලික නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර ඒවා අල්ලස් කොමිසමේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීම ද පනතේ 
එක නියමයකි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම පනත ඉදිරිපත් කළ අතර, ඒ අනුව සෑම වසරකම මහජන නියෝජිතයන් ඇතුළු සියලු නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය. මින් පෙර දේශපාලඥයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තුව, පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනයේ සේප්පුවක තැන්පත් කරන නමුත් නව පනත අනුව ඒ සියලු‍ වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත යැවිය යුතුවේ.
අල්ලස් කොමිසමේ වෙබ් අඩවිය වෙත ගොස් වත්කම් බැරකම් ප්‍රකාශ දුන් හා නොදුන් අය ගැන තොරතුරු දැනගත හැකි වේ. අචාර්ය  හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මේ දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ බාරදී නැතැයි ඒ ගැන සොයා බැලීමේදී හෙළි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා කීය. ජනාධිපතිට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහත්වරුන් ද වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන් පිරිස අතර වෙති.



අදහස් (0)

වත්කම් බැරකම් ප්‍රකාශ බාර දුන් දේශපාලකයන්ගේ නම් අල්ලස් කොමිසමේ වෙබ් අඩවියෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 238 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site