උපුල් වික්‍රමසිංහ
තමා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් මේ වෙනවිට ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල සඳහන් වත්කම් වසර පහ අවසානයේ වැඩි වී තිබේ දැයි විමසිල්ලෙන් සිටින ලෙස වත්කම් බැරකම් විවේචනය කරන පිරිස්වලින් ඉල්ලා සිටින බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වංචා දූෂණවල නිරත වී තමන්ගේ වත්කම් වැඩිකරගෙන තිබෙන්නේ දැයි එවිට විපක්ෂයට මතයකට පැමිණිය හැකි යැයි ද ඉරිදා ලංකාදීපය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් අමාත්‍යවරයා කීවේ ය.
ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් සඟවන්නේ නැතිව තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇතැයි ද ඒවායෙහි ඇතුළත් වත්කම් මවුපිය උරුමයෙන් හෝ රැකී රක්ෂා කිරීමෙන් උපයා ගත් ඒවා බව ද ඔහු සඳහන් කළේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd