IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංකාව අවට සාගර පර්යේෂණ සඳහා දේශීය විශේෂඥ කණ්ඩායමක්

අංජුල මහික වීරරත්න


ශ්‍රී ලංකාව අවට මුහුදේ පරීක්ෂණ කටයුතු සඳහා ලාංකික විශේෂඥ පර්‌යේෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතාට දැනුම් දුන්නේය. අදාළ පර්‌යේෂණ කණ්ඩායම සඳහා යම් පහසුකම් අවශ්‍ය වුවහොත් ඒවා ලබා ගැනීමට සහාය වෙන ලෙස ද එහිදී  ඉල්ලීමක් කර ඇත.

සාගල රත්නායක මහතා සහ ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අතර කොළඹදී පැවති හමුවකදී මෙම 
ඉල්ලීම සිදු කෙරිණ.
එම පරීක්ෂණ කණ්ඩායම පිහිටුවීමෙන් පසුව විදෙස් නෞකාවලට ශ්‍රී ලාංකික මුහුදු තීරයට පැමිණ පරීක්ෂණ කටයුතු කිරීමට අවශ්‍ය නොවන අතර ඔවුන්ට අවශ්‍ය දත්ත පිළිබඳව දැනුම් දුන් පසු ලාංකික පර්යේෂණ කණ්ඩායම හරහා ඒවා ලබාදීමේ හැකියාව ලැබෙන බවද රත්නායක මහතා දැනුම් දුන්නේය.
ජපානය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් ද මේ කාර්යය සඳහා සහාය ලබා දෙන බව කී සාගල රත්නායක මහතා ලාංකික පර්‌යේෂණ කණ්ඩායම විසින් ලංකාවට අයත් ඉන්දියන් සාගර කලාපයේ ලබාගන්නා දත්ත අවශ්‍ය නම් විදෙස් රටවලට ලබාදීමේ හැකියාව තිබෙන බව සඳහන් කළේය.
එමෙන්ම මේ වන විට ලාංකික හමුදා නවීකරණය කිරීම සඳහා සමාලෝචනයක් සිදුකරමින් සිටින බවද සාගල 
රත්නායක මහතා කීය.
මෙහිදී ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සඳහන් කර ඇත්තේ අදාළ කටයුතු සඳහා ආධාර සහ දැනුම ලබාදීමේ හැකියාව පවතින බවයි.



අදහස් (0)

ලංකාව අවට සාගර පර්යේෂණ සඳහා දේශීය විශේෂඥ කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site