IMG-LOGO

රාජ්‍ය ආයතන රැසක වාර්ෂික වාර්තා 2022 න් පසු වෙබ් අඩවිවලට ඇතුළත් කර නැහැ

2021 න් පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව ප්‍රසිද්ධ කර නෑ

උපුල් වික්‍රමසිංහ

අමාත්‍යාංශ සහ රජයේ ආයතන ගණනාවක වාර්ෂික වාර්තා 2022 න් පසුව ඒවායෙහි වෙබ් අඩවිවලට ඇතුළත් කර නොමැත. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යන ආයතන 2022 න් පසු ඒවායෙහි වාර්ෂික වාර්තා ප්‍රසිද්ධ කර නොමැත. අධ්‍යාපන අමාත්‍යාංශය අවසන් වරට එහි වාර්ෂික වාර්තාව අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි පළ කර තිබෙන්නේ 2021 වසරේ දී ය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු, ආයෝජන ප්‍රවර්ධන සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් යන අමාත්‍යාංශවල 2022 න් පසු වාර්ෂික වාර්තා ඒවායෙහි වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කර නොමැති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද 2022 න් පසු වාර්ෂික වාර්තා ප්‍රසිද්ධ කර නැත.

මේ අතර කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග, ධීවර ජලජ හා සාගර සම්පත්, කම්කරු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු සහ නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස යන අමාත්‍යාංශවල වාර්ෂික වාර්තා 2023 න් පසු ඒවායෙහි වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කර නොමැත.



අදහස් (0)

රාජ්‍ය ආයතන රැසක වාර්ෂික වාර්තා 2022 න් පසු වෙබ් අඩවිවලට ඇතුළත් කර නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site