IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


මහ ඡන්දය වෙනත් දිනයකට අලු‍තින් ගැසට්ටුවක්?

සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින වෙන් කළ ආකාරයේ බරපතළ ගැටලු‍වක් පවතින බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

එම පනත ප්‍රකාරව නාමයෝජනා කැඳවීම සිදුකෙරුණේ මෙම මස 04 වැනිදා සිට 11 වැනිදා දක්වා කාලයේදීය. නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයකදී ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව පනතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයි එම විශාරදයෝ පෙන්වා දෙති.
ඒ අනුව නාම යෝජනා බාරගැනීම අවසන් වූ ඉකුත් 11 වැනිදා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වැනිදා අවසන් වෙන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වැනිදා සම්පූර්ණ වන බව පෙන්වා දෙයි. එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වැනිදා එම නීතිමය කාලසීමාවට ඇතුළත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. එමගින් ජනතා පරමාධිපත්‍ය  උල්ලංඝනය වන බවද එම විශාරදයෝ වැඩිදුරටත් සඳහන් කරති.
මේ කාරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවද අවධානය යොමු කර ඇතැයි දැනගන්නට ඇත. මේ තත්ත්වය යටතේ නීති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව  පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය  බොහෝ විට ඉදිරියේදී වෙනස් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව නව දිනය සඳහන් කරමින් අලු‍ත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවෙනු ඇත.

 



අදහස් (0)

මහ ඡන්දය වෙනත් දිනයකට අලු‍තින් ගැසට්ටුවක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1014 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site