මදූෂා දිල්ශානි
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
එහි කැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ ආණ්ඩුව යෝජනා කරන රුපියල් 7,500 ක මාසික දීමනාව පවතින ජීවන වියදම හමුවේ ප්‍රමාණවත් නොවන නිසා එය රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරන බවය.
මේ සම්බන්ධයෙන් මහපොළ හා ශිෂ්‍යත්ව භාර අරමුදලේ හිටපු අධ්‍යක්ෂ පරාක්‍රම බණ්ඩාර ප්‍රකාශ කළේ දැනට සිසුන් සඳහා ලබාදෙනු ලබන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 1.8ක මුදලක් වැය වන බවත්, එය රුපියල් 7,500 දක්වා වැඩි කළ හොත් වාර්ෂිකව රුපියල් බිලියන 2ත් 3ත් අතර ප්‍රමාණයක් වැය කිරීමට සිදු වන බවත්ය. මහපොළ දීමනා රුපියල් 10,000දක්වා වැඩි කිරීම තමාද අනුමත කළත් එම මුදල් ලබා දීමට භාණ්ඩාගාරය සතුව ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් මේ වනවිට ද නොමැති බව ඔහු පැහැදිලි කළේය.
2025 දෙසැම්බර් මස 18
41
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
929
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහපොළ සහ ශිෂ්‍යාධාර මාස හතරකින් ලැබී නැහැ