IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


මන්දපෝෂණ දරුවන්ට අයවැයෙන් වෙන් කළ 15,000 තවම නෑ - වෙරිටේ රිසර්ච් කියයි

නිමල කොඩිතුවක්කු


වයස අවුරුදු 5 ට අඩු ළමයින් අතර උග්‍ර මන්දපෝෂණයේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් අයවැයෙන් ළමා පෝෂණය වැඩිදියුණු කිරීමට පොරොන්දු වුවත් එය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන ලබාදී නොමැති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

තෝරාගත් දිස්ත්‍රික්ක හයක උග්‍ර මන්ද පෝෂණය සහිත දරුවන් 5640ක් හඳුනාගෙන දරුවකුට මසකට රුපියල් 15000 බැගින් මාස හයක කාලයක් සඳහා මූල්‍ය ආධාර සැපයීමට අයවැය මගින් යෝජනා කළත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් මුදල් නිකුත් කර නොමැති බව ද වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විශ්ලේෂක සුරේනි වීරතුංග මහත්මිය පැවසුවාය.
පෝෂණ අතිරේක වැඩසටහන් ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 50 ක මුදලක් ලබාදෙන බවට අයවැයෙන් යෝජනා කර තිබිණ.
මෙයට අමතරව සමෘද්ධි වැඩිහිටි විවිධ ආබාධ ඇති පුද්ගලයන්ගේ හා වකුගඩු රෝගීන්ගේ වැඩි කරන ලද දීමනා අඛණ්ඩව ලබාදීම ආදී යෝජනා සඳහා ප්‍රගතිය හෙළිකිරීමට රජය අපොහොසත්ව ඇතැයි ද වීරතුංග මහත්මිය පැවසුවාය. අයවැය සඳහා වෙන් කළ මුදලින් කෝටි 4400ක හෙවත් සමස්ත මුදලෙන් සියයට 89ක ප්‍රගතිය පිළිබඳ තොරතුරු ලබාදීමට රජය අපොහොසත්ව ඇතැයි ද ඇය සඳහන් කළාය.
අයවැය වර්ෂය අවසාන වන විට සම්පූර්ණයෙන් ඉටු කර ඇත්තේ පොරොන්දුවලින් පහෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් පමණක් බවත් සුරේනි වීරතුංග මහත්මිය 
තවදුරටත් පැවසුවාය.



අදහස් (0)

මන්දපෝෂණ දරුවන්ට අයවැයෙන් වෙන් කළ 15,000 තවම නෑ - වෙරිටේ රිසර්ච් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 294 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 324 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1254 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site