සම්මුඛ පරීක්ෂණ තුනක් කැඳෙව්වත් සුදුස්සන් නෑ
සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක කාර්යාලයේ භාෂා පරිවර්තකයන් දොළහක් පමණ හිඟවීමෙන් එහි කටයුතුවලට බරපතළ ලෙස බාධා මතුව ඇතැයි වාර්තාවේ. මින් පුරප්පාඩු අටක්ම පවතින්නේ ඉංග්‍රීසි සහ දෙමළ භාෂා පරිවර්තකයන්ගේ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. භාෂා පරිවර්තක කාර්යාලයේ නියමිත කාර්ය මණ්ඩලය හතළිහකි.
මෙම භාෂා පරිවර්තක පුරප්පාඩු සම්බන්ධයෙන් අවස්ථා තුනකදීම සම්මුඛ පරීක්ෂණ කැඳවනු ලැබුවද සුදුසු අය ඒවාට පැමිණ නැතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක කාර්යාලයේ අඩු වැටුප් මීට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් පැවසූහ. භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් මැතිසබේ කටයුතු මෙන්ම කාරක සභාවල කටයුතුවලටද බරපතළ බාධා මතුව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd