IMG-LOGO

බාල ඇස් බෙහෙතක් ඇතුළු බෙහෙත් වර්ග විස්සක් භාවිතයෙන් ඉවතට

නිරෝෂන් ප්‍රේමරත්න

මෙම වසරේ ගත වූ මාස පහකට ආසන්න කාලසීමාවේ දී ඉන්දියාවෙන් ගෙන්වන ලද Netamycine Opthalmic Suspension 5% ඇතුළු බෙහෙත් කාණ්ඩ (Batches) විස්සකට ආසන්න ප්‍රමාණයක් විවිධ අවස්ථාවන්වලදී ගුණාත්මක නිර්ණායක සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා භාවිතයෙන් ඉවත්කොට ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි. 

Imipenam, Phenobarbitol, Promethazine, Halaperodol, Iron Sucrose, Glicazide, Paracetamol, Prednisolone Oral Suspension, Metachopropamide, Syrup Lactulose ඇතුළු ඖෂධ කාණ්ඩ විස්සකට අධික ප්‍රමාණයක් ගත වූ මාස පහක ආසන්න කාලයේදී වෛද්‍ය සැපයුම් ඒකකය මගින් භාවිතයෙන් ඉවත්කොට ඇති බවට චක්‍රලේඛ නිකුත් කොට ඇති බවද එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි. 

මෙම ඖෂධ අතරින් වැඩිම ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ බව ඔහු පවසයි. මේ අතර ශ්‍රී ලංකාවෙහි නිෂ්පාදනය කරන ලද පැරසිටමෝල් වර්ග ද පවතී. මීට අමතරව ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා භාවිත කරන ශල්‍ය උපකරණ රැසක්ද තත්ත්වයෙන් බාල වීම නිසා භාවිතයෙන් ඉවත්කොට ඇත. 

බාල ඖෂධ නිසා වසරකට මෙරට සෞඛ්‍ය පද්ධතියට විශාල ආර්ථික අලාභයක් සිදුවන බවත් එම සිදුවන ආර්ථික අලාභය අයකර ගැනීමට පසුගිය කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ සමාගම්වලට එරෙහිව සක්‍රීය ලෙස නීතිය ක්‍රියාත්මක නොකළ බවත් ඔහු පෙන්වා දෙයි. එම තත්ත්වය වර්තමානයේද දැකිය හැකි බව වැඩිදුරටත් ඔහු සඳහන් කරයි. මෙරට ඖෂධ හිඟයට පිළියම් ලබාදීමේදී දැනට ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ  සංස්ථාවේ අකාර්යක්ෂමතාව බරපතළ බාධාවක් වී ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම ඖෂධ වැඩිම ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඒවා වෙයි.

 



අදහස් (0)

බාල ඇස් බෙහෙතක් ඇතුළු බෙහෙත් වර්ග විස්සක් භාවිතයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 349 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1855 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site