ඇඟලුම් ඇතුළු භාණ්ඩ රැසක් තීරු බදු රහිතව අපනයනය කිරීමට අවස්ථාව
උපුල් වික්‍රමසිංහ
සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සඳහා වෙළෙඳ වැඩසටහන (DCTS) ඉහළ දමමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් එක්සත් රාජධානියට සිදු කරන අපනයන පහසු කිරීම අරමුණු කරගනිමින් එරට රජය නව ප්‍රතිසංස්කරණ පැකේජයක් හඳුන්වා දී ඇති බව කොළඹ පිහිටි මහා බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් කාර්යාලය ඉකුත් 11 වැනිදා නිවේදනය කළේ ය.
මේ යටතේ ශ්‍රී ලංකාව, නයිජීරියාව, පිලිපීනය යන රටවලට එක්සත් රාජධානියේ වෙළෙඳපොළ සඳහා තීරු බදු රහිතව ඇඟලුම් ඇතුළු භාණ්ඩ ගණනාවක් අපනයනය කිරීමට හැකි බව ද එම නිවේදනයෙහි සඳහන් වේ.
එම රටවල් බ්‍රිතාන්‍ය සමග කරන වෙළෙඳ ගනුදෙනු සරල කිරීමත් ආනයනික භාණ්ඩවල මිල ගණන් පහත හෙළීමත් අරමුණු කරමින් මෙම නව ප්‍රතිසංස්කරණ පැකේජය හඳුන්වා දුන් බව ද එහි දැක්වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බ්‍රිතාන්‍යයෙන් දැනෙන බදු සහනයක්