සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා බොහෝ සෙයින් හැඟීම්බරවනු දැක ගත හැකි විය.
බිමල් රත්නායක එම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ඉතිහාසය පුරා සිදුවූ තරුණ ඝාතන සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දැක්වීය. සභානායක විනාඩි දහයකට වැඩි කාලයක් එම කතාව කළේය.
බිමල් රත්නායකගේ කතාව ඇසූ කථානායකවරයා බොහෝ සෙයින් හැඟීම්බර වනු දැක ගත හැකිවිය. කොපමණ හැඟීම්බර වුණාදැයි කිවහොත් මීළඟ කථිකයාගේ නම පවා ප්‍රකාශ කිරීමට ඔහුට දැඩි ආයාසයක් දැරීමට සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd