IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පසුගිය රජයෙන් හිතුමතේ පිහිටු වූ පාර්ලිමේන්තු කමිටු අහෝසි කිරීමේ තීන්දුවක්‍්

සුජිත් හේවාජුලිගේ
පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මෙලෙස හිතුමතේ  ප්‍රදර්ශනාත්මක අරමුණින් කමිටු පත් කිරීම හේතුවෙන් විශාල මුදලක් නාස්ති වී ඇතැයි රජයට පෙනී යාමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
පාර්ලිමේන්තු කමිටු විධිමත් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කර ඊට අදාළ යෝජනා ජනවාරි 31 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අදාළ නිලධාරීන්ට දැනටමත් නියෝග කර ඇත. මේ අනුව විශේෂයෙන්ම ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තු සංසද පිහිටුවීමේ ක්‍රමවේදය ඉතා කඩිනමින් වෙනස් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
එකම සහ සමාන විෂයන් වෙනුවෙන් ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක්ම පත්කර ඇති හෙයින් සමාන විෂයන් එකම කාරක සභාවක් යටතට පත් කිරීමට අවධානය යොමුව ඇති බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
විශේෂයෙන්ම ආර්ථිකයේ විවිධ අංශවලට අදාළව ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක්ම පසුගිය කාලයේදී පත් කෙරුණු බවත් මේවා එකම කාරක සභාවක් යටතට ගැනීමේ හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය. පසුගිය අරගල සමයෙන් පසු යම් යම් අය පිනවීම සඳහා සමහර අංශික අධීක්ෂණ කාරක සභා කඩිමුඩියේ පත්කර ඇති බව පෙනී ගොස් ඇතැයිද  එම ප්‍රකාශකයා කීවේය.
මේ අතර  පාර්ලිමේන්තු කමිටුවල නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමටද රජයේ අවධානය යොමු වී ඇත.



අදහස් (0)

පසුගිය රජයෙන් හිතුමතේ පිහිටු වූ පාර්ලිමේන්තු කමිටු අහෝසි කිරීමේ තීන්දුවක්‍්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site