IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රමිතියට ගෙවල් හැදු එක කන්දක්වත් නාය ගිහින් නෑ අනවසර හෝටල් 200ක් මහවැලි ගඟ වටේ ආපදා කළමනාකරණ අංශ පවසයි

සුජිත් හේවාජුලිගේ

දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් මහවැලි ගඟ දෙපස (විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ) නිසි අවසරයකින් තොරව පවත්වාගෙන යන හෝටල් සහ සංචාරක අවන්හල් දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව පරිසර සහ ආපදා කළමනාකරණ අංශවල විශේෂ අවධානය යොමුවී ඇත.

මෙම ඉදිකිරීම් බොහොමයක් කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ හෝ මධ්‍යම පරිසර අධිකාරියේ හෝ කිසිදු අනුමැතියකින් තොරව බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

ගඟ දෙපස ඉදිකර ඇති හෝටල් සහ අවන්හල් හේතුවෙන් ජලය බැස යෑමට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව වාර්තාවේ.

මේ අතර මහනුවර ප්‍රදේශයේ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතීන්ට අනුව නිවාස ඇතුළු ඉදිකිරීම් කිසිවක් නායයෑමට ලක්ව නැති බව පරිසර සංවිධාන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එම සංවිධානවල ප්‍රමිතීන්ට අනුව  ඉදිකෙරුණු නිවාස පිහිටි හන්තානකන්ද, බහිරවකන්ද, අතිවත්ත, වැව රවුම යන ප්‍රදේශවල කිසිදු නාය යෑමක් සිදුවී නැතැයි පෙන්වා දෙන පරිසර නිලධාරීහු නාය හානි වැඩි වශයෙන් සිදුවී ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයට  ඉදිකර ඇති පහළ මධ්‍යම පාන්තික ජනතාවගේ නිවාසවලට බව  අනාවරණය කරති.

එල් ආකාරයට කඳු කපා ආරක්ෂිත කණු සකස් නොකර එම පිරිස් මෙලෙස අවිධිමත් ආකාරයට  නිවස ඉදිකර ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

හන්තානවත්ත ප්‍රදේශය ගැන විවිධ කට කතා පැතිරුණත් එහි එක වැලි කැටයක් හෝ නාය ගොස් නැති බව පරිසර අධිකාරියේ  ආරංචි මාර්ග සඳහන් කළේය.

 

 



අදහස් (0)

ප්‍රමිතියට ගෙවල් හැදු එක කන්දක්වත් නාය ගිහින් නෑ අනවසර හෝටල් 200ක් මහවැලි ගඟ වටේ ආපදා කළමනාකරණ අංශ පවසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 918 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site